ඊයේ පැවති තරඟවලින් දකුණු අප්‍රිකාවට හා පාකිස්තානයට ජය

October 27, 2021

මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරඟයේ ඊයේ (26) පැවති තරඟ දෙකෙන් ජය ගැනීමට දකුණු අප්‍රිකාව හා පාකිස්තාන කණ්ඩායම සමත් වුණා.

දකුණු අප්‍රිකා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරඟයෙන් කඩුලු 8ක ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකාව සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළ අතර පිටියට පිවිසි කොදෙව්වන් පන්දුවාර 20 තුළ කඩුලු 8ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 143ක්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාව 18 වන පන්දුවාරයේදී සිය ජයග්‍රාහී ඉලක්කය පසු කර ගියා.

නවසීලන්ත කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පැවැත් වු තරඟයේ අඛණ්ඩව දෙවන ජයග්‍රහණයත් වාර්තා කරමින් කඩුළු 5 කින් තරඟය ජය ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත් වුණා.

නවසීලන්තය නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 8ක් දැවී රැස් කළේ ලකුණු 134ක් පමණයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානය පන්දුවාර 18.4ක් අවසානයේ කඩුලු 5ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කර යාමට සමත් වුණා.

t

o

p