සුඩාන හමුදා පාලකයින්ට එරෙහිව එරට ජනතාව විරෝධතා ආරම්භ කරයි

October 27, 2021

විරෝධතාවයේ නිරත 7 දෙනෙකු හමුදා වෙඩි ප්‍රහාරවලින් මිය ගියේ ය. තුවාල ලැබූ සංඛ්‍යාව, 140 කට අධිකයි.

ජෙනරල් අබ්දෙල් ෆටා ප්‍රමුඛ හමුදාව, සුඩාන අග්‍රාමාත්‍ය අබ්දල්ලා හම්ඩොක් ඇතුළු පවුලේ සාමාජිකයින් මෙන්ම රජයේ ඉහළ පෙළේ නිලධාරීන් රැසක් නිවාස අඩස්සියට ගැනීමෙන් අනතුරුව සිවිල් පාලනය විසුරුවා හරින බව ප්‍රකාශ කළ හමුදාව, රට තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළේ ය.

සුඩානයේ ගුවන් තොටුපළ වසා දමා ජාත්‍යන්තර ගුවන් ගමන් ද අත්හිටුවා ඇත්තේ අන්තර්ජාල සබඳතා මෙන්ම දුරකතන සබඳතා ද අවහිර කරමිනි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය, යුරෝපා සංගමය මෙන්ම අප්‍රිකානු සංගමය ද මේ වන විටත් අනතුරු ඇඟවීම් නිකුත් කර අවසන් ය.

t

o

p