Lanka News Page

රුපියල් කෝටි දෙකක දුම්වැටි තොගයක් සහ රසායනික ද්‍රව්‍ය තොගයක් ගුවන් මගියෙකු ද සමග අත්අඩංගුවට

රුපියල් කෝටි දෙකක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සහ විද්‍යුත් දුම්වැටි නැවත පුරවා ගැනීම සදහා භාවිතා කරන රසායනික ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ගුවන් මගියෙකු ද සමග  09/14 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .                මොහු කොළඹ Read More

මුහම්මද් නබිතුමාගේ ජන්ම දිනය අදයි

ශුද්ධ වු මුහම්මද් නබි තුමන්ගේ ජන්ම දිනය හෙවත් මිලාද් උන් නබි උත්සවය අදට (16) යෙදී තිබේ. සාමය හා සමානාත්මතාව පදනම් කරගත් ඉස්ලාම් දහම ලොවට දේශනා කළ මුහම්මද් නබි තුමන් අරාබියේ මක්කම නගරයේදී උපත ලැබුවේ ක්‍රිස්තු වර්ෂ 570 දීය. දෙස් විදෙස් ඉස්ලාම් බැතිමතුන් ශුද්ධ වු මුහම්මද් නබි තුමන්ගේ ගුණ සිහිකරමින් උත්සවාකාරයෙන් අද එය සමරනු ලබයි.

මෙරට සිටින රාජ්‍යතාන්ත්‍රිකයන්ට මැතිවරණ නිරීක්ෂණ බැහැ-කොමිසම

ශ්‍රී ලංකාවේ සිටින විදෙස් තානාපතිවරුන්ට, මහ කොමසාරිස්වරුන්ට ජනාධිපතිවරණයේ ඡන්ද මධ්‍යස්ථාන නිරීක්ෂණ කටයුතු සඳහා අවස්ථාව ලබා නොදෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. ජනාධිපතිවරණය රට අභ්‍යන්තරයේ පැවැත්වෙන කටයුත්තක් බැවින් ඔවුන්ට ඊට අවස්ථාව ලබා නොදෙන බවද මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක කීවේය. ඔවුන් වෙනත් රටවල් නියෝජනය කිරීම නිසා මැතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා ඡන්ද මධ්‍යස්ථාන තුළට ඇතුළුවීමට Read More

මෙරට ආර්ථිකයේ වර්ධනයක්

2024 වර්ෂයේ දෙවන කාර්තු‌වේ දී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 4.7ක වර්ධනයක් වාර්තා කර ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.2024 වර්ෂයේ දෙවන කාර්තු‌වේ දී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 4.7ක වර්ධනයක් වාර්තා කර ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු වාර්තා අනුව එය 2024 වර්ෂයේ දෙවන කාර්තුවේ දී රු. මිලියන 2,768,293 ක් Read More

ශිෂ්‍යත්ව විභාගය සාර්ථකව අවසන්

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සාර්ථකව අවසන් වූ බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි. අද (15) පෙරවරුවේ පැවති පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේදී අක්‍රමිකතා කිසිවක් වාර්තාවී නොමැති බවයි අමිත් ජයසුන්දර මහතා පවසයි. මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා සිසුන් තුන් ලක්ෂ 23,879 දෙනෙකු ලියාපදිංචි වී ඇති අතර, සිංහල මාධ්‍යයෙන් 244,092 ක් සහ දෙමළ මාධ්‍යයෙන් සිසුන් 79,787 දෙනෙකු Read More

නයිජීරියාවේ බෝට්ටු අනතුරකින් 64ක් ජීවිතක්ෂයට

වයඹදිග නයිජීරියාවේ සැම්ෆාරා ප්‍රාන්තයේ, ගුම්මි පළාතේ ගඟක සිදුවූ බෝට්ටු අනතුරකින් පුද්ගලයන් 64 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට ප්‍රාදේශීය බලධාරීන් ප්‍රකාශකර තිබේ. තම ගොවිබිම් වෙත ළඟාවීම සඳහා ගොවීන් 70ක් රැගත් ලී ඔරුවක් මෙලෙස පෙරලීගොස් තිබුණි. පුද්ගලයින් 06 දෙනෙකුගේ පමණක් දිවි ගලවා ගැනීමට හැකි වී ඇති අතර පැය තුනක පමණ ගලවා ගැනීමේ මෙහෙයුමක් දියත් කෙරූ බවයි Read More

ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන් ගැන දැනුම්දීමක්

ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල නියෝජිතයන් 71 දෙනෙක් මේ වන විට දිවයිනට පැමිණ තිබේ. ජාතික මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ ඉන් 43 දෙනෙක් යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂකයින් බවයි. එමෙන්ම පොදු රාජ්‍ය මණ්ඩලීය නිරීක්ෂකයන් 22 දෙදෙනෙක් ද මේ වන විට දිවයිනට පැමිණ සිටියි. ඇන්ෆ්‍රෙල් සංවිධානයෙන් පැමිණ ඇති නිරීක්ෂකයන් සංඛ්‍යාව 06ක් ලෙසයි වාර්තා වෙයි. ඊට අමතරව යුරෝපා සංගම් Read More

රට පුරා හදිසි තත්ත්වයකට මුහුණදීමට ආරක්ෂක අංශ වලට ජනපති බලය පවරයි

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනයේ හා ප්‍රතිඵල ප්‍රකාශයට පත් කෙරෙන අවස්ථාවේදී රට තුළ ඇතිවිය හැකි ඕනෑම හදිසි තත්ත්වයකට මුහුණදීම සඳහා පොලිසිය හා ත්‍රිවිධ හමුදාව ඒකාබද්ධ කර ‘හදිසි සැලැස්මක්’ සකස් කිරීමට ජනාධිපතිවරයා විසින් ආරක්ෂක ප්‍රධානීන් වෙත බලය පවරා ඇතැයි වාර්තා වෙයි. ඊට හේතු වී ඇත්තේ හදිසි තත්ත්වයක් ඇතිවිය හැකි බවට ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී ආරක්ෂක අංශ ප්‍රධානීන් ජනාධිපතිවරයාට පෙන්වා Read More

ශ්‍රී ලංකා සහ නව­සී­ල­න්ත පළමු ටෙස්ට් තරඟය නොමිලේ නැරඹීමට අවස්ථාව

ශ්‍රී ලංකාව හා නවසී­ල­න්තය අතර ගාල්ලේදී පැවැ­ත්වී­මට නිය­මිත ටෙස්ට් ක්‍රිකට් තර­ගා­ව­ලියේ පළමු තර­ගය නොමිලේ නැර­ඹීමේ අව­ස්ථාව ප්‍රේක්ෂ­ක­යින්ට ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් සූදා­නම් වෙයි. ගාලු ක්‍රීඩාං­ග­ණයේ දොරටු අංක 4 ඔස්සේ ප්‍රේක්ෂ­ක­යින්ට ඇතු­ලු­වීමේ අවස්ථා ලබාදී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආය­ත­නය ඊයේ නිවේ­ද­නය කළේය. සංචාරක නවසීලන්ත කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත තරග දෙක­කින් සම­න්විත ටෙස්ට් තර­ගා­ව­ලිය සැප්තැ­ම්බර් 18 Read More

දකුණු ආසියා කනිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලියේ දෙවන ස්ථානය ශ්‍රී ලංකාවට

හතරවන දකුණු ආසියා කනිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලියේ දෙවන ස්ථානය හිමිකර ගත් ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් අද දිවයිනට පැමිණෙන ලදි. රන් පදක්කම් නවයක්, රීදි පදක්කම් නවයක් සහ ලෝකඩ පදක්කම් 17ක් හිමිකර ගත් ශ්‍රී ලංකාව තරගාවලියේ පදක්කම් 35ක් දිනා ගැනීමට සමත්විය. ඉන්දියාවේ චෙන්නායි නුවර දී 4 වන දකුණු ආසියානු කණිෂ්ට මළල ක්‍රීඩා තරගාවලිය පැවැත්වුණා. එහිදී නව දකුණු Read More

t

o

p