ශ්‍රී ලංකා සහ නව­සී­ල­න්ත පළමු ටෙස්ට් තරඟය නොමිලේ නැරඹීමට අවස්ථාව

September 14, 2024

ශ්‍රී ලංකාව හා නවසී­ල­න්තය අතර ගාල්ලේදී පැවැ­ත්වී­මට නිය­මිත ටෙස්ට් ක්‍රිකට් තර­ගා­ව­ලියේ පළමු තර­ගය නොමිලේ නැර­ඹීමේ අව­ස්ථාව ප්‍රේක්ෂ­ක­යින්ට ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් සූදා­නම් වෙයි.

ගාලු ක්‍රීඩාං­ග­ණයේ දොරටු අංක 4 ඔස්සේ ප්‍රේක්ෂ­ක­යින්ට ඇතු­ලු­වීමේ අවස්ථා ලබාදී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආය­ත­නය ඊයේ නිවේ­ද­නය කළේය.

සංචාරක නවසීලන්ත කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත තරග දෙක­කින් සම­න්විත ටෙස්ට් තර­ගා­ව­ලිය සැප්තැ­ම්බර් 18 වැනිදා ගාල්ල ජාත්‍ය­න්තර ක්‍රිකට් ක්‍රීඩාං­ග­ණ­යේදී ආර­ම්භ වේ.

මේ සඳහා නවසීලන්ත ක්‍රිකඩ් කණ්ඩායම අද (14) පෙරවරුවේ දිවයිනට පැමිණියේය.

t

o

p