දකුණු ආසියා කනිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලියේ දෙවන ස්ථානය ශ්‍රී ලංකාවට

September 14, 2024

හතරවන දකුණු ආසියා කනිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලියේ දෙවන ස්ථානය හිමිකර ගත් ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් අද දිවයිනට පැමිණෙන ලදි.

රන් පදක්කම් නවයක්, රීදි පදක්කම් නවයක් සහ ලෝකඩ පදක්කම් 17ක් හිමිකර ගත් ශ්‍රී ලංකාව තරගාවලියේ පදක්කම් 35ක් දිනා ගැනීමට සමත්විය.

ඉන්දියාවේ චෙන්නායි නුවර දී 4 වන දකුණු ආසියානු කණිෂ්ට මළල ක්‍රීඩා තරගාවලිය පැවැත්වුණා. එහිදී නව දකුණු ආසියානු කණිෂ්ට මළල ක්‍රීඩා වාර්තා 5ක් තැබීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ කණ්ඩායම සමත්විය.

මීටර 100, මීටර 100 හතර සහාය දිවිම, මීටර 200, මීටර 800 සහ උස පැනීම යන ඉසව්වලිනුයි මෙම වාර්තා බිහිකර ඇත්තේ.

t

o

p