වෛද්‍ය ක්ෂේත්‍රය නවීකරණයට ජනාධිපතිගෙන් නව වැඩපිළිවෙලක්

September 14, 2024

රටක රාජ්‍ය බලයේ රික්තයක් නිර්මාණය වීමට ඉඩ නොතැබිය යුතු බවත්, එවැනි තත්ත්වයක් ඇතිවීම බරපතළ ඛේදවාචකයකට මග පාදන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කරයි.

රාජ්‍ය බලයේ ඇති වූ රික්තය පිරවීමට බංග්ලාදේශය අසමත් වීම නිසා මේ වන විට එරට ඛේදවාචකවකට මුහුණ දී ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා 2022 වසරේ දී මෙරට තුළ ද එවැනිම තත්ත්වයක් ඇතිවීමට ගිය බවත්, එම අවස්ථාවේ තමා මැදිහත් ව එය වැලැක්වූ බවත් සඳහන් කරයි.

ජනාධිපතිවරයා මේ බව කියා සිටි‍යේ ‘නිරෝගීමත් අනාගතයක් සඳහා වෛද්‍යවරු’ යන තේමාව යටතේ බත්තරමුල්ල වෝර්ටස් එජ් හෝටලයේ පැවති වෛද්‍යවරුන්ගේ සංසදය අමතමින්. මෙම හමුවේ දී ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග විසින් පසුගිය දෙවසරක කාලය තුළ ලබාගත් ආර්ථික ප්‍රගතිය සහ ඉදිරි තත්ත්වය පිළිබඳ විශේෂ දේශනයක් ද සිදු කරනලදි.

මෙහිදී වෛද්‍යවරුන් විසින් ජනාධිපතිවරයා වෙත සිය ගැටළු ඍජුවම යොමු කළ අතර ජනාධිපතිවරයා විසින් ඊට සාධනීය පිළිතුරු ලබා දුනි. වෛද්‍යවරුන්ගේ සංසදය අමතමින් ජනාධිපතිවරයා තවදුරටත් කියා සිටියේ වසර 100 කට වඩා පැරණි වෛද්‍ය ආඥාපනත නවීකරණය කිරීම සහ රාජ්‍ය සහ පෞද්ගලික සෞඛ්‍ය සේවා ආවරණය වන පරිදි පුළුල් සෞඛ්‍ය සේවා පනතක් ගෙන එන බවයි.

t

o

p