රට පුරා හදිසි තත්ත්වයකට මුහුණදීමට ආරක්ෂක අංශ වලට ජනපති බලය පවරයි

September 15, 2024

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනයේ හා ප්‍රතිඵල ප්‍රකාශයට පත් කෙරෙන අවස්ථාවේදී රට තුළ ඇතිවිය හැකි ඕනෑම හදිසි තත්ත්වයකට මුහුණදීම සඳහා පොලිසිය හා ත්‍රිවිධ හමුදාව ඒකාබද්ධ කර ‘හදිසි සැලැස්මක්’ සකස් කිරීමට ජනාධිපතිවරයා විසින් ආරක්ෂක ප්‍රධානීන් වෙත බලය පවරා ඇතැයි වාර්තා වෙයි.

ඊට හේතු වී ඇත්තේ හදිසි තත්ත්වයක් ඇතිවිය හැකි බවට ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී ආරක්ෂක අංශ ප්‍රධානීන් ජනාධිපතිවරයාට පෙන්වා දීමයි.

අනතුරුව ජනාධිපතිවරයා සේනාධිනායකයා ලෙස මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව ඇතිවිය හැකි ඕනෑම හදිසි තත්ත්වයකදී පොලිසියේ සහායට හමුදාව යෙදවීම හා හදිසි තත්ත්වයකදී හමුදාවට බලතල භාවිත කළ හැකි ආකාරය පිළිබඳව නීතිපති උපදෙස් ගැනීමට ද පියවර ගෙන ඇති බවයි වාර්තා වෙයි.

තවද මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා සමග ද මේ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා තිබේ.

හදිසි ආරක්ෂක සැලැස්ම ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා යටතේ ත්‍රිවිධ හමුදාපතිවරුන් හා පොලිස් ප්‍රධානින්ගේ ප්‍රධානත්වයෙන් සකස් කිරීමට නියමිතව ඇති බවයි පැවසෙයි.

ඒ සඳහා වූ විශේෂ සාකච්ඡාවක් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ත්‍රිවිධ හමුදාපතිවරු හා මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් ලබන 18 වැනිදා ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවැත්වීමට නියමිතයි.

ඉන් පසු ගනු ලබන තීරණ ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපතිවරණයට පෙර හදිසි ආරක්ෂක මණ්ඩල රැස්වීමක් ද පැවැත්වීමට නියමිතයි.

t

o

p