රුපියල් කෝටි දෙකක දුම්වැටි තොගයක් සහ රසායනික ද්‍රව්‍ය තොගයක් ගුවන් මගියෙකු ද සමග අත්අඩංගුවට

September 16, 2024

රුපියල් කෝටි දෙකක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සහ විද්‍යුත් දුම්වැටි නැවත පුරවා ගැනීම සදහා භාවිතා කරන රසායනික ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ගුවන් මගියෙකු ද සමග  09/14 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

               මොහු කොළඹ – 10 ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකි .

          ඔහු 09/14 දින අලුයම 05.30 ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

              ඔහු විසින් රැගෙන ආ ගුවන් මලු තුළ ” මැන්චෙස්ටර් ” වර්ගයේ දුම්වැටි 120,400 ක් අඩංගු දුම්වැටි කාටූන් 602 ක් සගවා ගෙන පැමිණ සිටියදී , කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් සොයා ගෙන අත් අඩංගුවට ගෙන තිබේ .

             මෙම දුම්වැටි සහ විද්‍යුත් දුම්වැටි නැවත පිරවීම සදහා යොදන   රසායනික ද්‍රව්‍ය තොගය සමග ඒවා නීතිවිරෝධී ලෙස රැගෙන ආ පුද්ගලයා අත් අඩංගුවේ තබා ගෙන කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති .

t

o

p