පළමු කාර්ය ජනතාවගේ ජීවන බර අඩු කිරීමයි – ජනපති

September 16, 2024

තම පළමු පරමාර්ථය වන්නේ ජනතාවගේ ජීවන බර සැහැල්ලු කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් එකඟතා ආරක්ෂාකර ගනිමින් ඉදිරියට යාම අත්‍යවශ්‍ය බවයි ජනාධිපතිවරයා අවධාරණය කරයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධාන කෙරෙන රනිල්ට පුළුවන් ජන රැළි මාලාවේ තවත් ජන රැලියක් හොරණ මහජන ක්‍රීඩාංගනයේදී පැවැත්විය.

මැති ඇමතිවරුන් ඇතුළු දේශපාලන නියෝජිතයන් කිහිප දෙනෙකුම රැළිය අමතනලදි.

t

o

p