මෙරට සිටින රාජ්‍යතාන්ත්‍රිකයන්ට මැතිවරණ නිරීක්ෂණ බැහැ-කොමිසම

September 16, 2024

ශ්‍රී ලංකාවේ සිටින විදෙස් තානාපතිවරුන්ට, මහ කොමසාරිස්වරුන්ට ජනාධිපතිවරණයේ ඡන්ද මධ්‍යස්ථාන නිරීක්ෂණ කටයුතු සඳහා අවස්ථාව ලබා නොදෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

ජනාධිපතිවරණය රට අභ්‍යන්තරයේ පැවැත්වෙන කටයුත්තක් බැවින් ඔවුන්ට ඊට අවස්ථාව ලබා නොදෙන බවද මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක කීවේය.

ඔවුන් වෙනත් රටවල් නියෝජනය කිරීම නිසා මැතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා ඡන්ද මධ්‍යස්ථාන තුළට ඇතුළුවීමට ඉඩ නොදීමට හේතුවී තිබේ.

එමෙන්ම, මීට පෙර පැවැති මැතිවරණවලදී ද ඔවුන්ට නිරීක්ෂණ කටයුතු සඳහා අවස්ථාව ලබා නොදුන් බවද මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා කීවේය.

ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කණ්ඩායම් හා එක් වීමට යුරෝපා සංගමයේ මෙරට දූත මණ්ඩල කළ ඉල්ලීම ද මැතිවරණ කොමිෂන් සභාව ප්‍රතික්ෂේප කර තිබේ.

t

o

p