උපාධි දෙන්න ආයතන 26කට වරම්

July 16, 2024

උපාධි පිරිනැමීමේ ආයතන වෙත විදේශීය ශිෂ්‍යයින් ඇතුළත් කර ගැනීම සඳහා පහසුකම් සැලසීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ වන විශ්ව විද්‍යාල 17හි විදේශීය ශිෂ්‍යයින් සඳහා 5%ක ප්‍රතිශතයක් මේ වන විට වාර්ෂිකව වෙන් කරනු ලබයි.

ඊට අමතරව, විශ්වවිද්‍යාල පනතේ 25(4) වගන්තිය මඟින් පිළිගෙන ඇති උපාධි පිරිනැමීමේ ආයතන 26 සඳහා ද විදේශීය ශිෂ්‍යයින් ඇතුළත් කර ගැනීමට ඇති ඉඩ ප්‍රස්ථා පුළුල් කිරීම මඟින්, ශ්‍රී ලංකාව ආසියාවේ දැනුම් කේන්ද්‍රස්ථානය බවට පත් කිරීමේ අරමුණ ඉටු කර ගත හැකි බව හඳුනාගනු ලැබ ඇති බවයි සඳහන් වෙයි.

නමුත් එක් එක් රටවල් විසින් විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා සලකා බලනු ලබන පිළිගත් අවම සුදුසුකම්, ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල පනතේ 25(4) වගන්තිය යටතේ පිළිගත් උපාධි පිරිනැමීමේ ආයතනයක යම් උපාධියක් සඳහා ඇතුළත් වීමට අවශ්‍ය සුදුසුකමක් වශයෙන් අනුකූල කර ගැනීමට ඇති හැකියාව නිර්ණය කර ගැනීමට නිශ්චිත ක්‍රමවේදයක් නොමැති බව නිරීක්ෂණය වෙයි.

ඒ අනුව එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් 193හි විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා භාවිත කරන අවම සුදුසුකම ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල පනතේ 25(අ) වගන්තිය යටතේ පිළිගත් උපාධි පිරිනැමීමේ ආයතන මඟින් පිරිනමනු ලබන උපාධි පාඨමාලා සඳහා ඇතුළත් කර ගැනීමේ අවම සුදුසුකම ලෙස සැලකීමටත්, එකී සුදුසුකම් මඟින් අනාවරණය නොවන ව්‍යතිරේක අවස්ථා සඳහා UK NARIC ආයතනය වෙතින් සනාථ කර ගැනීමටත් අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

t

o

p