Features

නිවාස නැති අයට යුද හමුදාවෙන් නිවාස 800ක්

උතුරේ නිවාස අහිමි අඩු ආදායම්ලාභී පවුල් සදහා නිවාස ඉදිකර දීමට යුද හමුදාව ඇරඹූ වැඩපිලිවෙල තවදුරටත් සාර්ථකව ක්‍රියාත්මකයි. රණවිරු දෑත්වලින් මේ දක්වා ඉදිකර දී ඇති නිවාස සංඛ්‍යාව 800කට අධිකයි. යුද ගැටුම් හේතුවෙන් අවතැන්ව යළි පදිංචිකළ පවුල් මෙන්ම යාපනය සහ කිලිනොච්චිය දිස්ත්‍රික්කවල අඩු ආදායම්ලාභී පවුල් නගා සිටුවීම වෙනුවෙන් යුද හමුදාව වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා තිබේ. නිවාස නොමැති Read More

ඉඩම් තක්සේරු දර්ශකයේ වර්ධනයක්

කොළඹ දිස්ත්‍රික්කයෙහි ඉඩම් තක්සේරු දර්ශකය 2024 වසරේ පළමු භාගයේදී වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත 6.9% ක වැඩි වීමක් වාර්තා කර තිබේ. මේ සඳහා නේවාසික, වාණිජ හා කාර්මික යන අනු දර්ශක 03 ම පිළිවෙළින් 8.5% ක, 8.5% සහ 3.7%ක වාර්ෂික වාර්තා කරමින් දායක වී ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි. මෙහිදී අර්ධ වාර්ෂික පදනමින් ඉඩම් Read More

යල කන්නයේ වී මිල දී ගන්න ගබඩා 100ක්

යල කන්නයේ වී මිල දී ගැනීම සඳහා, වී ගබඩා 100ක් අව­ශ්‍ය­තා­වය පරිදි විවෘත කිරී­මට වී අලෙවි මණ්ඩ­ලය සැල­සුම් කර ඇතැයි වී අලෙවි මණ්ඩ­ලයේ සභා­පති නීතිඥ බුද්ධික ඉද්ද­ම­ල්ගොඩ මහතා පව­සයි. දැනට වී අස්වනු නෙළා අව­සන් කරන ලද දිස්ත්‍රි­ක්ක­වල වී ගබඩා 32ක් විවෘත කර තැබී­මට කට­යුතු යොදා තිබෙ­නවා. වී අලෙවි මණ්ඩ­ල­යට සම්බා සහ කීරි සම්බා වී ගොවීන් Read More

වරද්ද ගන්නේ නැතුව ඡන්දය දෙන්නේ මෙහෙමයි

එක් අපේක්ෂකයෙකුට ඡන්දයක් හා වෙනත් අපේක්ෂකයන් දෙදෙනෙකුට දෙවැනි මනාපය සහ තුන්වැනි මනාපය ලකුණු කිරීමේ හැකියාව පවතින බව මැතිවරණ කොමිසම පවසනවා. ඒ ජනාධිපතිවරණය සදහා අපේක්ෂකයන් තුන් දෙනෙකුට වැඩි සංඛ්‍යාවක් තරග කිරීම හේතුවෙනුයි. ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කරන පිළිවෙල සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක මහතා නිවේදනයක් නිකුත් කරමිනුයි මේ බව සඳහන් කරයි. කෙසේ Read More

පා ගමනින් ඇවිද වාර්තාවක් තැබූ බේරුවල ‘ශාමි ෂාහීද්’

ශ්‍රී ලංකාව වටා පුරා දින 45ක් තුළ කිලෝමීටර් 1500ක දුරක් පා ගමනින් ඇවිද වාර්තාවක් තැබූ බේරුවල ප්‍රදේශයේ ශාමි ෂාහීද් තරුණයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී තිබේ. ඒ, ඊයේ (28) කොළඹ ජනාධිපති නිල නිවසේ දී යි. මෙම තරුණයා තම ගම් ප්‍රදේශය වන බේරුවලින් ගමන් අරඹා දිවයින වටා කිලෝමීටර් 1500ක දුරක් පා ගමනින් ගමන් කරමින් මෙම වාර්තාව Read More

ජනාධිපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අගෝ 29

ස්වාධින අපේක්ෂකයකු ලෙස මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින, ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ජනපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී අනිද්දා (අගෝ. 29) එළිදක්වයි. “පුලුවන් ශ්‍රී ලංකා” යන දැක්ම මුල් කර ගනිමින් මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කොට තිබේ. රට බංකොලොත් භාවයෙන් මුදාගෙන ආර්ථික සමෘද්ධිය කරා ගෙන යෑමේ මූලික පියවර තැබීම සහ ක්‍රම ක්‍රමයෙන් රට දියුණු රාජ්‍යයක් Read More

රනිල් වික්‍රමසිංහ වතාවක් නෙවෙයි දේවතාවක් කඩා වැටුණු ආර්ථිකය ගොඩනංවා පෙන්නුවා – ඇමති අලි සබ්රි

රටේ සියලු දෙනාට බියෙන් සැකෙන් තොරව ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් අවශ්‍ය බැවින් මුස්ලිම් ප්‍රජාව වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන බව ජනාධිපතිවරයාට සහාය පළකරන මුස්ලිම් මන්ත්‍රිවරුන් පවසයි. කොළඹ පැවැති ‟පුළුවන් ශ්‍රී ලංකා” මාධ්‍ය හමුවට එක්වෙමින් ජනාධිපතිවරයාට සහාය පළකරන මුස්ලිම් මන්ත්‍රිවරුන් සඳහන් කළේ මෙරට මුස්ලිම් ප්‍රජාවගෙන් 60% ක් මෙවර මැතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට Read More

කජු නිෂ්පාදනයෙන් ඉහළ ආදායමක්

ජාතික ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දෙමින් කජු නිෂ්පාදනයෙන් ඉහළ ආදායමක් ලබාගැනීමට රජයට අයත් හලාවත වැවිලි සමාගම සමත්ව තිබේ. ඉතිහාසයේ වැඩිම ආදායම මෙසේ වාර්තා කළ බවයි එම සමාගමේ පාලන අධිකාරීය පවසයි. ලොව පුරා කජු නිෂ්පාදන අතර ශ්‍රී ලංකාවේ කජු සඳහා ඉහළම ඉල්ලුමක් පවතියි. මෙරට කජු රසයෙන් මෙන්ම ගුණාත්මක බවින් ඉහළම මට්ටමක පැවතීම ඊට හේතුවයි. වියලි කලාපයේ Read More

සිවිල් ආරක්ෂක බලකායේ සාමාජිකයින්ට නිවාස ලබා දීමේ වැඩපිළිවෙලක්

සිවිල් ආරක්ෂක බලකායේ සාමාජිකයින්ට නිවාස ලබා දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවීමට තීරණය කර තිබේ. තිස් වසරක කුරිරු යුද්ධය අවසන් කිරීමට සුවිශේෂී දායකත්වයක් ලබාදුන් සිවිල් ආරක්ෂක බලකාය මේ වන විට මෙරට ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතිවලට මෙන්ම සමාජ යහ පැවැත්ම උදෙසා දැවැන්ත කාර්ය භාරයක් ඉටු කරමින් සිටියි. එය සැලකිල්ලට ගනිමින් නිවෙසක් නොමැති සිවිල් ආරක්ෂක බලකා සාමාජිකයින්ට නව නිවසක් ඉදිකර Read More

අර්බුදය ජයගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ දෙවසරක වැඩ කොටස

එම නිවේදනය පහතින්, මෙරට ඉතිහාසය මුහුණ දුන් බරපතළම ආර්ථික අර්බුදයෙන් රට ගොඩගෙන ස්ථාවරත්වයක් ඇති කර යළි ප්‍රගමනයේ මාවතට ගෙන ඒමට පසුගිය දෙවසර තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහඟු කාර්‍යභාරයක් සිදුකළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි. සෑම අංශයකින්ම බිඳ වැටී තිබූ මෙරට ආර්ථිකය පමණක් නොව, ස්ථාවරත්වය සහ ප්‍රගමනය වෙනුවෙන් අත්‍යවශ්‍ය සෑම ක්ෂේත්‍රයක්ම ආවරණය වන ආකාරය Read More

t

o

p