පා ගමනින් ඇවිද වාර්තාවක් තැබූ බේරුවල ‘ශාමි ෂාහීද්’

August 29, 2024

ශ්‍රී ලංකාව වටා පුරා දින 45ක් තුළ කිලෝමීටර් 1500ක දුරක් පා ගමනින් ඇවිද වාර්තාවක් තැබූ බේරුවල ප්‍රදේශයේ ශාමි ෂාහීද් තරුණයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී තිබේ.

ඒ, ඊයේ (28) කොළඹ ජනාධිපති නිල නිවසේ දී යි.

මෙම තරුණයා තම ගම් ප්‍රදේශය වන බේරුවලින් ගමන් අරඹා දිවයින වටා කිලෝමීටර් 1500ක දුරක් පා ගමනින් ගමන් කරමින් මෙම වාර්තාව සනිටුහන් කරනලදි.

එහිදී ඔහු විසින් බේරුවල, අම්බලන්ගොඩ, මිරිස්ස, හිරිකැටිය, රන්න, හම්බන්තොට, වැල්ලවාය, මොනරාගල, සියඹලාණ්ඩුව, පොතුවිල්, නින්දවූර්, චෙන්කලඩි, නිලාවේලි, මුලතිව්, පරන්තන්, පේදුරුතුඩුව, චුන්නාක්කම්, මන්නාරම, මැදවච්චිය, අනුරාධපුර, පුත්තලම, මාරවිල, මීගමුව සහ කොළඹ යන ප්‍රධාන නගර පසු කරමින් නැවත බේරුවලට පැමිණ තිබුණි.

එම පාගමන තුළින් ඔහුගේ අරමුණ වී තිබුණේ ශ්‍රී ලංකාව සාමකාමී මෙන්ම ඕනෑම පුද්ගලයෙකුට රට තුළ නිදහසේ ආරක්ෂිතව සංචාරය කිරීම හැකි බව ලෝකයට පෙන්වීමයි.

t

o

p