සිවිල් ආරක්ෂක බලකායේ සාමාජිකයින්ට නිවාස ලබා දීමේ වැඩපිළිවෙලක්

August 19, 2024

සිවිල් ආරක්ෂක බලකායේ සාමාජිකයින්ට නිවාස ලබා දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවීමට තීරණය කර තිබේ.

තිස් වසරක කුරිරු යුද්ධය අවසන් කිරීමට සුවිශේෂී දායකත්වයක් ලබාදුන් සිවිල් ආරක්ෂක බලකාය මේ වන විට මෙරට ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතිවලට මෙන්ම සමාජ යහ පැවැත්ම උදෙසා දැවැන්ත කාර්ය භාරයක් ඉටු කරමින් සිටියි.

එය සැලකිල්ලට ගනිමින් නිවෙසක් නොමැති සිවිල් ආරක්ෂක බලකා සාමාජිකයින්ට නව නිවසක් ඉදිකර ගැනීමටත් නිවාසවල අලුත්වැඩියා කටයුතු සිදු කර ගැනීමට අවශ්‍ය ශ්‍රම දායකත්වය සිවිල් ආරක්ෂක බලකාය මඟින් ලබාදීමටත් රජය තීරණය කර තිබේ.

එහි පළමු අදියර යටතේ සිවිල් ආරක්ෂක බලකා සාමාජිකයින් සිය දෙනෙකු සදහා සහන සැලසීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

මීට අමතරව සිවිල් ආරක්ෂක බලකා සාමාජිකයන්ගේ දැනට පවතින රුපියල් 350ක් වූ දෛනික සලාක දීමනාව රුපියල් 500 දක්වා ඉහළ නැංවීමට ද රජය තීරණය කර තිබේ.

t

o

p