Features

පාර්ලිමේන්තුවේ කොවිඩ්-19 අභියෝගය

සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් පාර්ලිමේන්තු සභා ගර්භයේ රැදී සිටින කාලය පුරාම මුව ආවරණ පැළද සිටීම අනිවාර්යයි වේ. සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් පාර්ලිමේන්තු සභා ගර්භයේ රැදී සිටින කාලය පුරාම මුව ආවරණ පැළද සිටීම අනිවාර්‍ය බව අද පස්වරුවේ පාර්ලිමේන්තුවට භාරදුන් පාර්ලිමේන්තුව වෙනුවෙන් සැකසූ  සෞඛ්‍ය ආරක්ෂිත මාර්ගෝපදේශ මාලාවේ සදහන් වේ. එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සභා ගර්භයේ රැදී සිටින කිසිදු අවස්ථාවක මුව Read More

“සෞඛ්‍ය පොලිසියක්” අපිට අවශ්‍ය ද ?

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වන පාර්ලිමේන්තුව හෙවත් ශ්‍රී ලංකා ඉතිහාසයේ 16 වන පාර්ලිමේන්තුව සඳහා ජනතා නියෝජිතයන් පත් කර ගැනීමේ ඡන්ද විමසීම, මැතිවරණ කොමසාරිස්වරයාට අනුව ලෝකය කැරකවීම නැවතුනහොත් හැර 2020 අගෝස්තු මස 05 දින පැවැත්වෙනු ඇත.ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම වියදමක් දරමින් සිදුකරන මහ මැතිවරණය වන මෙය සුවිශේෂ වන්නේ අපේ රට ද ඇතුළුව ලොව පුරා Read More

ගම්පහ කච්චේරියේ අද්භූත කාන්තාව

අප රටේ දිනපතා සහ සති අන්ත පුවත් පත් අලෙවිය ශීඝ්‍රයෙන් පහළ බසින විට අධික කෝපයට පත්වන ඒ පුවත් පත් කතුවරුන් තම සගයන්ට බෙරිහන් දෙන බව පැවසෙන ප්‍රසිද්ධ වදන් පෙළක් තිබේ. “අයිසේ, කොහේ හරි ගිහින් මොකක් හරි පුනරුප්පත්ති කතාවක් හොයා ගෙන එනවා. එහෙම නැත්නම් මැරිච්ච එකෙක් මිනී වලෙන් නැගිටලා ඇවිදිනවා වගේ හොල්මන් කතාවක් හරි හොයා ගෙන Read More

අනුරපුර පුද බිමෙන් ඇසෙන ‘බලු නොවන’ කතාවක්

ලොව සෑම මිනිස් සමාජයක්ම අඩු වැඩි වශයෙන් ගැටුම් අර්බුද ආදියෙන් පිරී පවතී. ලොව සමාජ විද්‍යාඥයන් පවසන පරිදි විධිමත් සමාජ සංවිධානය නම් වන යාන්ත්‍රණය මගින් මෙම ගැටුම් අර්බුද යම් ප්‍රමාණයකට පාලනය කර ගත හැක. හුදෙක් මිනිසත් බව පාදක කොට ගත් මෙම ගැටුම් අර්බුද වලදී මිනිසත් බවෙහි අව ප්‍රමාණවීම දැක්වීම පිණිස ලොව පුරා යෙදෙන පොදු ව්‍යවහාරයක් තිබේ. Read More

වත්මන් දේශපාලන කරලියේ රජයන ‘වශී බෝලයේ’ ඇත්ත කථාව

මිනිසා තිරිසනා ගෙන් වෙන් කෙරෙන ප්‍රධානතම කඩ ඉම් අතරට ඇඳුම්-පැළඳුම් අයත් වෙයි. ‘පැළඳුම්’ යනුවෙන් අදහස් කරනුයේ ඇඳුම් ඇඳීමෙන් පසුව ඒවාට හෝ සිය සිරුරට සෘජුවම සම්බන්ධ කර ගනු ලබන ද්විතීයික උපකරණ විශේෂයකි. විලි වසා ගැනීම, ශරීරය අලංකාරවත් කරගැනීම, උණුසුම ආරක්ෂා කර ගැනීම ආදී ඇඳුම් වලින් සිදුකෙරෙන මූලික අංගවලට අයත් නොවන මෙම ආභරණ යන්න ද සැලකිල්ලට ගත් Read More

ඡන්දය වගේම ජීවිතත් වැදගත්: සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැසට් නොකලොත් ඡන්දය තවත් කල් යයි!

2020 පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැසට් නිවේදනයක් මගින් රෙගුලාසි ලෙස කඩිනමින් බලාත්මක කිරීමේ නීතිමය අවශ්‍යතාව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය යළිත් අවධාරණය කළේය. මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ, මැතිවරණ පැවැත්වීම මෙන්ම ජනතාවගේ ජීවිත රැකගැනීම ද කළ යුතු බවය. වත්මන් කොරෝනා වෛරස් ව්‍යාප්තිය හමුවේ මහ මැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැසට් නොකරන්නේ නම් මැතිවරණය Read More

අනුරපුර සමාධි පිළිම වහන්සේ ඉදිරිපිට දුක් වේදනාවෙන් හඬා වැටෙන කොමලී

කොමලී යනු ලෝක ප්‍රකට අනුරාධපුර සමාධි පිළිම වහන්සේ අබියස දිවි ගෙවන නිවාස අහිමි සුනඛයන් කිහිප දෙනා අතුරින් එක් සාමාජිකාවකි.දුඹුරු පැහැති සුනඛ ධේනුවක වන ඇය තමන්ට ආදරය, කරුණාව පළ කරන්නවුන් ඉදිරියේ ඒ මේ අත ඇඹරෙමින් ‘කොමල පෑම’ නිසා සමාධි පිළිමය අද්දර සේවයේ නියුතු මධ්‍යම සංස්කෘතික අරමුදලේ අභයගිරි ව්‍යාපෘතියට අයත් කාර්ය මණ්ඩලය ඇයට කොමලී යනුවෙන් නම් තබා ඇත. පසුගිය Read More

කැකිල්ලේ රජතුමාගේ කතාව මනඃකල්පිතයක් නොවේ

අප රටේ රාජ්‍ය පාලනය සම්බන්ධ පරමාදර්ශී රජවරු කිහිප දෙනෙක් වෙති. ඔවුන් අතරිනුදු ප්‍රමුඛ තලයට පත්වන උදාරතර රාජ චරිත දෙකක් තිබේ. අප රට එක් සේසත් කිරීම සහ බුදු සසුන නඟා සිටුවීම සම්බන්ධ ශ්‍රී ලාංකේය පරමාදර්ශය දුටුගැමුණු රජතුමා ය. එමෙන්ම කෘෂිකාර්මික විප්ලවයක් තුළින් අප රට සහලින් ස්වයංපෝෂිත කිරීම සම්බන්ධයෙන් පළමු වන පරාක්‍රමබාහු රජු පරමාදර්ශී රාජ චරිතය වශයෙන් Read More

පෑන් පහරකින් රෝහලක් හැදීමේ ශ්‍රී ලාංකීය හාස්කම චීනයේ දින 10 වාර්තාව කුඩුපට්ටම් වේද?

අපේ රට හාස්කම් සම්බන්ධයෙන් ලොකු ප්‍රසිද්ධියක් උසුලනවා. නමුත් ප්‍රතිඵල වශයෙන් බලන කොට ඒ හාස්කම් බොහොමයක අගය බිංදුවයි. නිරෝධායන මධ්‍යස්ථානයක් එක පෑන් පහරකින් රෝහලක් බවට පත් කිරීම අපට අළුතෙන්ම අහන්න ලැබෙන ඒ වගේ හාස්කමක්. නමුත් නිරෝධායන මධ්‍යස්ථානයක් ක්ෂණයකින් රෝහලක් කළ හැකිද? එක පෙළට ඇඳන් තිබ්බ පළියට එය රෝහලක් ද? එතකොට කෝ මිසීලා? කෝ වෛද්‍යවරු? කෝ සුළු Read More

හූනියම් දෙවියන්ගේ ‘දේශපාලන මරු පහරින්’ බේරුණු උඩවල මුත්තා

පොදු මහජනතාවට නොවැටහුණ ද ප්‍රබලයන් විසින් දුබලයන් යටපත් කරනු ලැබීමක් අපගේ දේශපාලන ක්‍ෂේත්‍රයේ නිරතුරුවම සිදුවෙමින් පවතී. ඇතැම් ප්‍රබල දේශපාලන පවුල් විසින් සාමාන්‍ය ජනතාවට ක්‍රියාකාරී දේශපාලනයේ ඉහළ තල වලට පිවිසීමට ඇති ඉඩකඩ අහුරා තිබෙන බව මේ වන විට සාමාන්‍ය ජනතාවට ද රහසක් නොවේ. දේශපාලනයට අවශ්‍ය මූලික සුදුසුකම්වත් නොමැති එම ප්‍රබල පවුල් වල සාමාජිකයන්ට අප රටේ දේශපාලන Read More

t

o

p