Local News

දින සියයේ වැඩසටහනට පූර්ණ සහය දෙනවා

වත්මන් රජයේ දින සියයේ වැඩසටහනට පූර්ණ සහය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව සහ විධායක සභාව තීරණය කර තිබෙන බව විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (20) පාර්ලිමේන්තුවේදී පැවසීය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රජය යටතේ නව දේශපාලන සංස්කෘතියක් බිහිකිරීම සඳහා දින සියයයේ වැඩපිළිවෙළ ඉදිරිපත් කර තිබෙනවා. එම වැඩසටහන සඳහා විපක්ෂය ලෙස Read More

ශිරාල් ලක්තිලක ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් ධුරයකට

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් නීතිඥ ශිරාල් ලක්තිලක මහතා ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වශයෙන් පත් කරනු ලැබ ඇති අතර ඒ මහතා අද (20) ජනාධිපතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය. මාතර රාහුල විද්‍යාලයේ මූලික අධ්‍යාපනය ලැබූ ශිරාල් ලක්තිලක මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ නීති උපාධිය ලැබ නීතිඥයෙකු ලෙස වෘත්තීය ජීවිතය ආරම්භ කළේය. ගැටුම් අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ඇමෙරිකාවේ Read More

සිංහල සිනමාවේ 68වැනි උපන් දින විශේෂ සැමරුම් උත්සවය හෙට

සිංහල සිනමාවේ 68වැනි උපන් දිනය හෙට (21)ට යෙදී ඇති අතර ජාතික චිත්‍රපට සංස්ථාව ආරම්භ කර  වසර 43ක් සපිරීම නිමිති කර ගෙන විශේෂ සැමරුම් උත්සවයක් හෙට ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේ දී පැවැත්වේ. ප්‍රථම කථානාද චිත්‍රපටය ලෙස ‘කඩවුණු පොරොන්දුව’ තිරගත කිරීමෙන් ඇරඹි සිංහල සිනමාව ‘අපි මැරෙන්නෙ නෑ’ චිත්‍රපටය දක්වා චිත්‍රපට 1188ක් තිරගත කර ඇත. මේ විශේෂ සැමරුම Read More

වැලිකඩ ගැන සාක්ෂි දෙන්න උදුල් සූදානම්

වසර දෙකකට පමණ පෙර වැලිකඩ බන්ධනාගාරයේ සිදු වූ කැරැල්ල පසුගිය ආණ්ඩුව විසින් සැලසුම් සහගතව සිදුකළ බවටනීතීඥ උදුල් ප්‍රේමරත්න මහතා චෝදනා කරයි. එම කැරැල්ල සමථයකට පත්කළ පසු බන්ධනාගාරයට පැමිණි ආරක්ෂක අංශයට සම්බන්ධ පිරිසක් විසින් සිරකරුවන් රැසක් වෙඩි තබා මරා දැමූ බවත්, මේ පිළිබඳව වර්තමානරජය යටතේ සාධාරණ විමර්ශනයක් පැවැත්වීමට කමිටුවක් පත්කරන්නේ නම් සාක්ෂි ඉදිරිපත් කළ හැකි බවත්අද Read More

පලිගත්තා ඇති

ජනාධිපතිවරණයෙන් පසුව සිදුවන දේශපාලන පලිගැනීම් නතර කිරීම පළමුව සිදුකළ යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ‍්‍රී දළදා මාළිගාවට පැමිණ ආගමිකවතාවත්වල නිරත වීමෙන් අනතුරුව මල්වතු මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ‍්‍රීසුමංගල නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත් අතරතම පරම්පරාව දේශපාලනයේ නිරත වන 1931 සිටමේ දක්වාකාලය තුළ පළමු වරට පොලිසිය විසින් තම නිවස පරීක්ෂා කරනු ලැබූ බව කීය. Read More

පාප්තුමන්ගේ පිලිපීන දේව මෙහෙයට හැට ලක්‍ෂයක වාර්තාගත ජන ගඟක්

ශුද්ධවූ ෆ‍්‍රැන්සිස් පාප්තුමන්ගේ පිලිපීන සංචාරය අවසන් කරමින් පැවති අවසන් දේව මෙහෙයට මිලියන 6ක ජනතාවක් රැස්ව සිටි බව වාර්තා වේ. මෙය පාප්වරයෙකු විසින් පැවැත්වූ විශාලතම දේව මෙහෙය ලෙස වාර්තා අතරට එක්ව ඇති අතර මින් වසර 20කට පෙර 1995දී දෙවන ජුවාන් පාවුළු පාප්වරයා විසින් පිලිපීනයේ පැවැත්වූ දේව මෙහෙය වෙත සහභාගී වූ සංඛ්‍යාව මිලියන 5කි. ඇද හැලූනු දැඩි Read More

මාලේ සිටි මෙරට සිරකරුවන් 15ක් නිදහස්..

මෙරට රජයේ ඉල්ලීමකින් මාලදිවයිනේ රදවා සිටි ශ‍්‍රී ලාංකික සිරකරුවන් 15 දෙනෙකුට නිදහස ලබාදී තිබේ. එරට ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ මැදිහත්වීමෙන් මෙම සිරකරුවන් නොබෝ දිනකින් ශ‍්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

පොරොන්දු ඉටු කිරීමට සහය දෙනවා

මැතිවරණ ව්‍යාපාරයේදී පොරොන්දු වූ කරුණු ඉටුකිරීමට නව රජයට අවශ්‍ය සහය ලබාදීමට සූදානම් බව අමෙරිකාව පවසයි. ඉන්දීය මාධ්‍ය වෙත අදහස් දක්වමින් දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු භාර අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් නීෂා බිස්වාල් මහත්මිය මේ බව පවසා තිබේ. නව රජය තුළින් ශ්‍රී ලංකා ජනතාව අපේක්ෂා කරන කාරණා අමෙරිකාවද අපේක්ෂා කරන බව ඇය මෙහිදී පවසා ඇත. එමෙන්ම Read More

ජවිපෙ කේ.පී.ට විරුද්ධවට අධිකරණයට..

එල්ටීටීඊ සංවිධානයේ හිටපු ජාත්‍යන්තර කටයුතු ප‍්‍රධානී කුහාරන් පද්මනාදන් හෙවත් කේ.පී.ට එරෙහිව නඩු පැවරීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර තිබේ. එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජිත හේරත් මහතා පවසන්නේ එය  (19) දිනයේ සිදුකරන බවයි. මන්ත‍්‍රීවරයාගේ නීතීඥ නීතීඥ සුනිල් වටගල මහතා පෙන්වා දෙන්නේ ප‍්‍රභාකරන්ට පසු කොටි සංවිධානයේ නායකයා ලෙස කටයුතු කල කේ.පී. රජයේ මුදලින් යැපෙමින් සුඛෝපබෝගී ජීවිතයක් ගත Read More

හෝටලයක පින්තූර පෙන්වමින් සිදු කල අපහාසයට විමල්, බුද්ධදාසගෙන් කෝටි 50ක් ඉල්ලයි.

කඩුවෙල නගාරාධිපති ජී. එම්. බුද්ධදාස මහතා 2015-01-16 දින මාධ්‍ය හමුවක් කැඳවා ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට පාදුක්ක ප‍්‍රදේශයේ හෝටලයක් ඇති බවට අසත්‍ය කරුණු හා ඡයාරූප උපුටා දක්වමින් සිදු කරන ලද අපහාසයට රුපියල් මිලියන 500ක් වන්දි ඉල්ලා එන්තරවාසියක් යවා ඇත. එකී සියලූ කරුණු අසත්‍ය බව ද එවැනි හෝටලයක් පිළිබඳව කිසිදු සම්බන්ධයක් නොමැති Read More

t

o

p