පොරොන්දු ඉටු කිරීමට සහය දෙනවා

January 19, 2015

මැතිවරණ ව්‍යාපාරයේදී පොරොන්දු වූ කරුණු ඉටුකිරීමට නව රජයට අවශ්‍ය සහය ලබාදීමට සූදානම් බව අමෙරිකාව පවසයි.

ඉන්දීය මාධ්‍ය වෙත අදහස් දක්වමින් දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු භාර අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් නීෂා බිස්වාල් මහත්මිය මේ බව පවසා තිබේ.

නව රජය තුළින් ශ්‍රී ලංකා ජනතාව අපේක්ෂා කරන කාරණා අමෙරිකාවද අපේක්ෂා කරන බව ඇය මෙහිදී පවසා ඇත.

එමෙන්ම නව රජය බලයට පත්වීමත් සමග ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳවද තමන් සතුටට පත්වන බව නීෂා බිස්වාල් මහත්මිය පවසා තිබේ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p