හෝටලයක පින්තූර පෙන්වමින් සිදු කල අපහාසයට විමල්, බුද්ධදාසගෙන් කෝටි 50ක් ඉල්ලයි.

January 19, 2015

කඩුවෙල නගාරාධිපති ජී. එම්. බුද්ධදාස මහතා 2015-01-16 දින මාධ්‍ය හමුවක් කැඳවා ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට පාදුක්ක ප‍්‍රදේශයේ හෝටලයක් ඇති බවට අසත්‍ය කරුණු හා ඡයාරූප උපුටා දක්වමින් සිදු කරන ලද අපහාසයට රුපියල් මිලියන 500ක් වන්දි ඉල්ලා එන්තරවාසියක් යවා ඇත.

එකී සියලූ කරුණු අසත්‍ය බව ද එවැනි හෝටලයක් පිළිබඳව කිසිදු සම්බන්ධයක් නොමැති බව ද පවසමින් විමල් වීරවංශ මහතාගේ නීතිඥ කපිල ගමගේ මහතා විසින් යවා ඇති එන්තරවාසියේ මෙසේද සඳහන් විය.

‘මගේ සේවාදායකයා වන විමල් වීරවංශ මහතා 2015 ජනවාරි මස 08 වන දින පැවති ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ජයග‍්‍රහණය වෙනුවෙන් ඉතා විශාල සාධනීය වැඩකොටසක් ඉටු කරන ලද දේශපාලනඥයෙකි. කරුණු එසේ තිබියදී අසත්‍ය සහ ද්වේෂ සහගත කරුණු ප‍්‍රකාශ කරමින් මගේ සේවාදායකයා වන විමල් වීරවංශ මහතාට කඩුවෙල ප‍්‍රදේශයේත් සමස්ත ලංකාවේත් ඇති ප‍්‍රසාදය බිඳවැට්ටවීමේ අරමුණින් අසත්‍ය කරුණු ද්වේෂය ඇති කරවන ආකාරයෙන් මාධ්‍ය  වෙත හුවා දැක්වීමට ඔබ කටයුතු කර ඇති බවද දැනුම් දීමට උපදෙස් ලැබී තිබේ.

තවද මගේ සේවාදායකයා වන විමල් වීරවංශ මහතාට අයත් කාමර විසිපහක හෝටල් සංකීර්ණයක් පාදුක්ක වග ප‍්‍රදේශයේ ඇති බවටද අසත්‍ය කරුණු එකී මාධ්‍ය හමුවේදී ඔබ ඉදිරිපත් කර ඇත. ඒ හරහා ද ඔබ උත්සාහ දරා ඇත්තේ මගේ එකී සේවාදායකයා ජනතාව රවටමින් ව්‍යාපාරික කටයුතු කරන බව හ`ගවා එකී මගේ සේවා දායකයා වන විමල් වීරවංශ මහතාට කඩුවෙල ප‍්‍රදේශයේත් සමස්ත ලංකාවේත් ඇති ප‍්‍රසාදය බිඳවැට්ටවීමේ අරමුණින් අසත්‍ය කරුණු ද්වේෂය ඇති කරවන ආකාරයෙන් මාධ්‍ය වෙත හුවා දැක්වීමටයි. නමුත් මගේ සේවාදායකයා සතුව එලෙස ඔබ විසින් ඡුායාරූප ඉදිරිපත් කරන ලද පාදුක්ක ප‍්‍රදේශයේ හෝටලයක් හෝ වෙනත් කිසිදු ප‍්‍රදේශයක හෝටලයක් හෝ හෝටල සංකීර්ණයක් නොමැති බවද වෙනත් කාට හෝ අයත් කුමන හෝ ගොඩනැ`ගිල්ලක ඡුායාරූප මාධ්‍යයට ඉදිරිපත් කරමින් ඒවා මගේ සේවාදායකයා වන විමල් වීරවංශ මහතාට අයත් දේපළ ලෙස හැ`ගවීමටත් ඒ මගින් එකී මගේ සේවාදායකයා වන විමල් වීරවංශ මහතාගේ කීර්ති නාමයට ඍජුව හා වක‍්‍රව හානි කිරීමටත් ඔබ කටයුතු කර ඇති බවද ඔබට දැනුම්දීමට මට උපදෙස් ලැබී තිබේ.

සිරස ටීවී නාලිකාව හරහා ඔබ විසින් කළ ඉහත දැක්වූ ප‍්‍රකාශය අසත්‍ය වන බවත් එම ප‍්‍රකාශයේ කරුණු ඔබගේ දැනුමට අනුව ද අසත්‍ය වන බවත් එසේ අසත්‍ය වන බව දනිමින් ම එකී අසත්‍ය කරුණු එකී මාධ්‍ය හමුවේ ඉදිරිපත් කොට මගේ සේවාදායකයා වන විමල් වීරවංශ මහතාට කඩුවෙල ප‍්‍රදේශයේත් සමස්ත ලංකාවේත් ඇති ප‍්‍රසාදය බිඳවැට්ටවීමේ අරමුණින් අසත්‍ය කරුණු ද්වේෂය ඇති කරවන ආකාරයෙන් මාධ්‍ය වෙත හුවා දක්වමින් ඔබ විසින් එකී ප‍්‍රකාශය සිදුකර ඇති බවත් දන්වා සිටිමි.

ඊට අමතරව ඔබ විසින් කරුණු නිවැරදි කිරීමක් සිරස රූපවාහිනී නාලිකාවේ රාත‍්‍රී 7 ප‍්‍රවෘත්ති විකාශයක් මගින් සහ අනෙකුත් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ඔස්සේ ප‍්‍රසිද්ධ කිරීමට පියවර ගන්නා ලෙසට ද ඔබට මෙයින් එන්තරවාසිකර සිටිමි.

යම් හෙයකින් ඔබ මෙම එන්තරවාසිය ප‍්‍රකාරව කටයුතු කිරීමට අපොහොසත් වුවහොත් හා/හෝ පැහැර හැරියහොත් ඔබට එරෙහිව නඩු පවරා ඉහත කී මුදල ද නඩු ගාස්තු ද මෙම එන්තරවාසියේ ගාස්තුවද අයකරගැනීමට කටයුතු කරන ලෙසට මා වෙත විශේෂයෙන් උපදෙස් ලැබී ඇති බවද වැඩිදුරටත් දන්වා සිටිමි.’’

මාධ්‍ය ඒකකය
ජාතික නිදහස් පෙරමුණ

 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p