Local News

ජනතාවට සහන දෙන්න එන අතුරු අයවැය මෙන්න

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජනාධි පතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේදී ජනතාවට බොහෝ සහන ලබා දෙන බව ප්‍රකාශ කළේය. වංචා හා දූෂණයට එරෙහිව දැඩි පියවර ගෙන යහපාලනයක්‌ ඇතිකරන බවටද පොරොන්දු විය. මේ සඳහා වන දින 100 ක වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක කරන බවටද ප්‍රකාශයට පත් කළේය. දැන් එම දින 100 වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙමින් තිබෙන අතර, ඒ දෙස බොහෝ දෙනෙක්‌ අපේක්‌ෂා සහගතව Read More

මාගේ පුතා මාලක සිල්වාට පහර දුන්නේ යෝෂිත රාජපක්‍ෂයි…

පසුගිය වසරේ කොළඹ ඔඩෙල් රථ ගාලේදීත්, රාත්‍රී සමාජ ශාලාවකදීත් සිදු වූ පහර දීම් පසුපස ඉන්නේ හිටපු ජනපති පුත් යෝෂිත රාජපක්‍ෂ යයි හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි. යෝෂිත රාජපක්‍ෂගේ ආරක්ෂකයකුට තම පුතු විසින් කළ අවවාදයක් නිසා මෙම පහර දීම සිදු වී ඇති බවද ඔහු සඳහන් කරන්නේ සති අන්ත පුවත්පතකට සම්මුඛ සාකච්චාවක් දෙමිනි.

ඊශ‍්‍රායලය සියළු සීමාවන් ඉක්මවා යනවා – ස්වීඩනය

ඊශ‍්‍රායලය තබා ගත යුතු සියලූ සීමාවන් ඉක්මවා යන බව ස්වීඩනයේ විදේශ ඇමතිනි මාර්ගොට් වෝල්ස්ට්‍රෝම් පවසා ඇතැයි වාර්තා වේ. පලස්තීනය ස්වෛරී රාජ්‍යයක් ලෙස ස්වීඩනය විසින් පිළිගැනීම පිළිබඳව ඊශ‍්‍රායලය වෙතින් එල්ලවූ ප‍්‍රතිචාර ගැන ඇය මේ අදහස් දක්වා තිබේ. ස්වීඩන පුවත්පතක් අමතමින් වෝල්ස්ට්‍රෝම් පවසා ඇත්තේ මේ කරුණ පිළිබඳව ඊශ‍්‍රායලයේ විරෝධය බලාපොරොත්තු වුවත් ඇතැම් ප‍්‍රතිචාරයන් කිසිසේත් අනුමත කළ හැකි Read More

රාජපක්‍ෂ පවුලේ අයථා ගණුදෙනු හෙළිකිරීමට සජින් වාස් සූදානම්ලූ..

පාර්ගිමේන්තු මන්ත‍්‍රී සජින් වාස් ගුණවර්ධන ආණ්ඩුවේ ඇමතිවරුන් කිහිප දෙනෙක් හමු වී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු පවුලේ අය විසින් සිලූ කල බව තියන අයථා ගණුදෙණු පිළිබඳව හෙළිදරුවු කිරීමට සූදානම් වූ බව ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි. රුපවාහිනි විවාදයකට සහභාගී වෙමින් ඔහු කියා සිටියේ තම ආරක්‍ෂාව සලසන්නේ නම් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දක්වන්නට පැමිණ තමන් Read More

සෞදි අරාබියේ අබ්දුල්ලා රජු අභාවප්‍රාප්ත වේ

සෞදි අරාබියේ අබ්දුල්ලා බින් අබ්දුලාසිස් රජු අද (23) අලුයම අභාවප‍්‍රාප්ත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඔහුගේ අභාවයෙන් පසු ව සොහොයුරු සල්මාන් නව රජු ලෙස පත් කෙරුණු  බවට සෞදි රාජකීයයයන් විසින් නිවේදනය කොට ඇතැයි ද වාර්තා වේ.  නව රජු සල්මාන් 79 වන වියේ පසු වේ.  

නලින් ද සිල්වා ඉල්ලා අස්වේ..

මහාචාර්ය නලින්ද සිල්වා මහතා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස් වී තිබේ. ඒ සම්බන්ද ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ලේකම්වරයාට යොමුකර ඇත. මෙහි දැක්වෙන්නේ ඒ මහතා විසින් සිය ඉල්ලා ධුරයෙන් ඉල්ලා අස්වෙමින් ලියූ ලිපියයි 109/1, දුම්රියපොළ මහරගම. 2015 ජනවාරි 09. ජනාධිපති ලේකම්තුමා, ජනාධිපති ලේකම් කාර්යාලය, ගාලුමුවදොර, කොළඹ 01. මහත්මයාණෙනි විශ්වවිද්යාගල කොමිෂන් සභාවේ සාමාජිකත්වයෙන් Read More

ජනවාරි 29 අතුරු අය වෑය වෙනුවට බඩූ මිල අඩු කිරීමට විශේෂ ප්‍රකාශයක්

ජනවාරි 29 වන දා ගෙන ඒමට නියමිත අතුරු අය වැය වෙනුවට බඩූ මිල අඩු කිරීමට විශේෂ ප්‍රකාශයක් කිරීමට රජය සුදානම් වෙමින් සිටී යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂෙයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසා සිටී. මෙම මාධ්ය හමුවට කම්කරු අරගල මධ්යගස්ථානයේ රන්ජිත් පියතිලකද මහතාද සහභාගී විය. අද 23මරදාන සමාජ හා සාමයීක කේන්ද්‍රයේ දී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මේ Read More

බි‍්‍රතාන්‍යයේ යුදෙව් විරෝධය මැඩපැවැත්වීමට පියවර

රතාන්‍යයේ නැගී එන යුදෙව් විරෝධය මැඩපැවැත්වීමට පියවර ගන්නා බව ස්වදේශ ලේකම් තෙරේසා මේ පවසා තිබේ. පැරිස් නුවර ත‍්‍රස්ත ප‍්‍රහාරවලින් මියගිය යුදෙව් ආගමිකයින් සිහිපත් කරමින් පැවති දේව මෙහෙයකට එක්වූ ස්වදේශ ලේකම්වරිය පවසා ඇත්තේ බි‍්‍රතාන්‍යය තුළ යුදෙව් ජනතාවට ආරක්‍ෂිත බව සහතික විය යුතු බවයි. ඒ සඳහා අවශ්‍ය පියවර දෙගුණ කළ යුතු බවද ඇයගේ අදහසයි.  සිනගෝගයන් හා පාසල් Read More

24 ජල කප්පාදුවක්

කොළඹ ප‍්‍රදේශ කිහිපයකට ලබන 24 වන දින උදෑසන 08 සිට පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. මහ කොළඹ ජල පුනරුත්ථාපන ව්‍යාපෘතිය යටතේ මාළිගාකන්ද ජල පරිශ‍්‍රය තුළ නව ජල නල එළීම හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවේ. මේ හේතුවෙන් කොළඹ 02, කොළඹ 08, කොළඹ 09, සහ කොළඹ 10 යන ප‍්‍ර Read More

මේක තුච්ච, නින්දිත පාලනයක්.. දින 100න් හැදෙන්නේ ‘අලූත් රටක්’ නොවෙයි ‘ෆෙඩරල් රටක්’..

දින 100ක්  ඇතුළත අලූත් රටක් හදන බවට ජනතාවගේ ඇස් නිලංකාර වන බොරු බේගල් ඇද දැමූ වත්මන් පාලනය දින 100කටත් කලින් ‘ෆෙඩරල් රටක්’ හැදීමට කඩිනමින් කටයුතු කරන බවට ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා අනතුරු හගවයි. බත්තරමුල්ලේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී විමල් වීරවංශ මහතා මෙසේ අනතුරු හැගවීය. Read More

t

o

p