ඊශ‍්‍රායලය සියළු සීමාවන් ඉක්මවා යනවා – ස්වීඩනය

January 25, 2015

ඊශ‍්‍රායලය තබා ගත යුතු සියලූ සීමාවන් ඉක්මවා යන බව ස්වීඩනයේ විදේශ ඇමතිනි මාර්ගොට් වෝල්ස්ට්‍රෝම් පවසා ඇතැයි වාර්තා වේ.

පලස්තීනය ස්වෛරී රාජ්‍යයක් ලෙස ස්වීඩනය විසින් පිළිගැනීම පිළිබඳව ඊශ‍්‍රායලය වෙතින් එල්ලවූ ප‍්‍රතිචාර ගැන ඇය මේ අදහස් දක්වා තිබේ.

ස්වීඩන පුවත්පතක් අමතමින් වෝල්ස්ට්‍රෝම් පවසා ඇත්තේ මේ කරුණ පිළිබඳව ඊශ‍්‍රායලයේ විරෝධය බලාපොරොත්තු වුවත් ඇතැම් ප‍්‍රතිචාරයන් කිසිසේත් අනුමත කළ හැකි ඒවා නොවන බවයි.

ජනවාරි 15වනදා මාධ්‍ය ඇමතූ ඊශ‍්‍රායල විදේශ අමාත්‍යාංශ ප‍්‍රකාශක එම්මානුවෙල් නාෂොන් ස්වීඩන විදේශ ඇමතිවරිය ඈඳාගත් ප‍්‍රදේශ වෙත සංචාරය කළහොත් ඊශ‍්‍රායල නිලධාරීන් විසින් එය වළක්වනු ඇති බව ප‍්‍රකාශ කරනු ලැබිණි.

ඊශ‍්‍රායල විදේශ ඇමති ඇවිග්ඩෝර් ලිබර්මන්ද ස්වීඩන විදෙස් ඇමති වෝල්ස්ට්‍රෝම් හමුවීම ප‍්‍රතික්‍ෂේප කළ බව වාර්තා විය.

ඊශ‍්‍රායලය විසින් පලස්තීනයෙන් ඈඳාගනු ලැබූ ප‍්‍රදේශයන්හි සංචාරය කිරීමට තිබූ සැලසුම ඊශ‍්‍රායල ස්වීඩන සබඳතා උණුසුම් වීම සමග අත්හැරීමට මාර්ගොට් වෝල්ස්ට්‍රෝම්ට සිදුවිය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p