බි‍්‍රතාන්‍යයේ යුදෙව් විරෝධය මැඩපැවැත්වීමට පියවර

January 23, 2015

රතාන්‍යයේ නැගී එන යුදෙව් විරෝධය මැඩපැවැත්වීමට පියවර ගන්නා බව ස්වදේශ ලේකම් තෙරේසා මේ පවසා තිබේ.

පැරිස් නුවර ත‍්‍රස්ත ප‍්‍රහාරවලින් මියගිය යුදෙව් ආගමිකයින් සිහිපත් කරමින් පැවති දේව මෙහෙයකට එක්වූ ස්වදේශ ලේකම්වරිය පවසා ඇත්තේ බි‍්‍රතාන්‍යය තුළ යුදෙව් ජනතාවට ආරක්‍ෂිත බව සහතික විය යුතු බවයි.

ඒ සඳහා අවශ්‍ය පියවර දෙගුණ කළ යුතු බවද ඇයගේ අදහසයි.  සිනගෝගයන් හා පාසල් ඇතුළු යුදෙව් ප‍්‍රදේශයන් තුළ පොලිස් මුර සංචාර වැඩිකිරීමට කටයුතු කරන බවද තෙරේසා මේ පවසා තිබේ.

පැරිසියේ සිදුවූ කනගාටුදායක සිදුවීම් අප මුහුණ දෙන ත‍්‍රස්තවාදී තර්ජනය ගැන සිහි කැඳවීමක් බව ඇය සඳහන් කර ඇත.

බි‍්‍රතාන්‍යය තුළ ජීවත්වන බොහෝ යුදෙව් වැසියන් සිය පවුල් සහ දරුවන් පිළිබඳව බියෙන් ජීවත් වන බවද ස්වදේශ ලේකම්වරිය පවසා තිබේ.  ඇය පවසා ඇත්තේ බි‍්‍රතාන්‍ය යුදෙව් ප‍්‍රජාව බි‍්‍රතාන්‍යය තුළ ජීවත් වන්නට බිය යයි පවසන දිනක් උදාවේ යයි ඇය කිසිලෙසකින් නොසිතූ බවයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p