Local News

හදිසි අනතුරකින් සුනන්දට බරපතලයි..

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය මහතා හදිසි අනතුරකට ලක්ව බරපතල තුවාල ලබා රෝහල්ගත කර තිබේ. ස්විට්සරලන්තයේ වෙසෙන ඒ මහතා සිය නිවසේදී පය ලිස්සා යාමෙන් ඇදවැටීම නිසා මෙම අනතුර සිදුව ඇති අතර ඉන් ඔහුගේ කොඳු ඇට පෙලට හානි සිදුව තිබේ. පූර්ණ ලෙස සුවවන තෙක්විදීමෙන් වලකින ලෙස වෛද්‍යවරු නිර්දේශ කර ඇත.

මහ බැංකු අධිපති නිවාඩු යැවුවා.. – රනිල්

මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා චෝදනා එල්ල වී ඇති භාණ්ඩාගාර බැඳුම්කර සම්බන්ධයෙන් පරීක්‍ෂණ කටයුතු අවසන් වන තුරු නිවාඩු මත සිටින බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු කියා සිටියේ කමිටුවේ පරීක්ෂණ අවසන් වන තුරු මහබැංකු අධිපතිවරයා සිය තනතුරේ රාජකාරී නොකරනු ඇති බවයි.

චීන සමාගමක් දින 19කින් මහල් 57ක ගොඩනැගිල්ලක් හදලා

චීන සමාගමක් විසින් වාර්තාගත දින 19ක් තුළ මහල් 57ක ගොඩනැගිල්ලක් නිර්මාණය කර ඇතැයි වාර්තා වේ.  නිරිතදිග චීනයේ චැන්ග්ෂා ප‍්‍රදේශයේ ඉදිකර ඇති මෙය චීනයේ බ්‍රෝඞ් සස්ටේනබල් ගොඩනැගිලි සමාගමේ නිර්මාණයකි. මේ සඳහා පෙර සැකසූ ලෙගෝ වැනි කැබලි භාවිතා කර ඇති අතර දිනකට මහල් 3ක වේගයකින් ඉදිකර තිබේ.  වර්ග මීටර් 180000ක ඉඩ ප‍්‍රමාණයක් සහිත මෙහි පුද්ගලයින් 4000කට ජීවත්විය Read More

මුදල් ඇමති ඉල්ලා අස්වනු

මහජන මුදල් කොල්ලකන මහ බැංකුවේ අධිපති වහා අත්අඩංගුවට ගන්නා ලෙසට ආණ්ඩුවට බල කරමින් උද්ඝෝෂණයක් 16 කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී පැවැත්විය . ජාතික නිදහස් පෙරමුණ පෑවෑත් වු මේ උද්ඝෝෂණයේ දී ඉල්ලා සිටියේ මහ බැංකුව තුළ සිදුව ඇති රුපියල් බිලියන 10ක මහා පරිමාණ මූල්‍ය ආක‍්‍රමිකතාව පිළිබඳ සොයා බලා ඊට වගකිවයුතු පිරිසට එරෙහිව වහාම නීතිය ක‍්‍රියාවේ යොදවන Read More

ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු පොලී යෝජනා ක‍්‍රමය සඳහා නව උපදෙස් මාලාව

ශ‍්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය ඇතිව, ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් සියලුම බැංකුවලට ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු විශේෂ පොලී යෝජනා ක‍්‍රමයට අදාළ නව මෙහෙයුම් උපදෙස් මාලාව පසුගිය සිකුරාදා (13) නිකුත් කර ඇත. වයස අවුරුඳු 60 ට වැඩි සියලුම නේවාසික ශ‍්‍රී ලාංකික පුරවැසියන් සඳහා මෙම ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු විශේෂ පොලී යෝජනා ක‍්‍රමය විවෘත Read More

සා.පෙළ ප්‍රතිඵල අප්‍රේල් 7 දාට පෙර

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අප්‍රේල් මස 07 වැනිදාට පෙර නිකුත් කිරීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කරගෙන යයි.පසුගිය දෙසැම්බර් මස පැවැති මෙම විභාගය සඳහා අයදුම්කරුවෝ හයලක්‍ෂයකට ආසන්න පිරිසක්‌ පෙනී සිටියහ. විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් කරන දිනයන්හි ඇති වූ ගංවතුර ආපදා තත්ත්වය මත ඇතැම් මධ්‍යස්‌ථානවල උත්තර පත්‍ර ඇගයීම් කල් දැමීමට ද සිදු වී තිබිණි. 

ජ.වි.පෙ මධ්‍යම කාරක සභාව අද රැස්‌වේ

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේදී මතුව ඇති ගැටලු සහගත තත්ත්වය ඇතුළු පවතින දේශපාලන ව්‍යාකූල තත්ත්වය ගැන සාකච්ඡා කිරීම සඳහා ජනතා විමුක්‌ති පෙරමුණ අද (16 වැනිදා) විශේෂ මධ්‍යම කාරක සභාවක්‌ කැඳවා ඇත.මෙහිදී 19 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය පිළිබඳවත් මැතිවරණ ක්‍රමය පිළිබඳවත් සාකච්ඡා කිරීමට නියමිතය.

මහින්ද සහ මෝදි හමුවෙයි

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා හා හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා අතර හමුවක්‌ පෙරේදා (14 දා) සවස කොළඹ ඉන්දීය තානාපති නිල නිවසේදී පවත්වා ඇත.මෙම සාකච්ඡාව විනාඩි 30 ක්‌ පමණ පැවැතී ඇති අතර ඒ සඳහා සහභාගි වී ඇත්තේ මේ නායකයන් දෙදෙනා පමණි. වෙනත් කිසිදු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියකු මේ සඳහා සහභාගි වී නැත.හිටපු ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක්‌ පැවැත්වීමට Read More

නව ෆොසිලය මානව පරිණාමයේ හමු නොවූ පුරුකද?

වානරයා හා මිනිසා යා කරන පූර්වජයකුගේ බවට සැලකෙන ෆොසිලයක් සොයාගෙන ඇතැයි වාර්තා වේ. මෙය මෙතෙක් හමුවි ඇති ආදිතම මිනිස් අස්ථි කොටසටත් වඩා වසර ලක්‍ෂ 4ක් පැරණි බව පැවසේ. නැමී ගමන් කළ ඔස්ට‍්‍රලෝපිතිකස් මානවයාගේ සිට සෘජුව ගමන් කළ හෝමෝ මානවයා තෙක් අතරමැද පුරුකක් සොයා පුරාවිද්‍යාඥයින් දශක ගණනාවක් දැරූ වෙහෙස මල්ඵල දරා තිබීමට බොහෝ ඉඩ ඇතැයි විචාරකයින් Read More

මගේ පරාජය ඔත්තු සේවා කුමන්ත්‍රණයක්

සිය ජනාධිපතිත්වයට එරෙහිව වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් විපක්ෂය සංවිධාන කිරිමෙහිලා ඉන්දියාවේ රෝ රහස් . ඔත්තු සේවය, සී.අයි. ඒ හා එම් අයි 6 යන බටහිර රහස් ‍ඔත්තු සේවාවන් සමගින් එක්ව කුමන්ත්‍රණය කර ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවේ හින්දු පුවත්පත සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදි ප්‍රකාශ කර තිබේ. සිය පරාජයෙන් පසු ප්‍රථම වරට ඉන්දීය Read More

t

o

p