මහින්ද සහ මෝදි හමුවෙයි

March 16, 2015

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා හා හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා අතර හමුවක්‌ පෙරේදා (14 දා) සවස කොළඹ ඉන්දීය තානාපති නිල නිවසේදී පවත්වා ඇත.

මෙම සාකච්ඡාව විනාඩි 30 ක්‌ පමණ පැවැතී ඇති අතර ඒ සඳහා සහභාගි වී ඇත්තේ මේ නායකයන් දෙදෙනා පමණි. වෙනත් කිසිදු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියකු මේ සඳහා සහභාගි වී නැත.

හිටපු ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක්‌ පැවැත්වීමට අවශ්‍ය බව ප්‍රකාශ කර තිබෙන්නේ ද ඉන්දීය අගමැතිවරයා විසිනි.

තමා බලයෙන් පහකිරීමට ඉන්දීය රෝ ඔත්තු සේවාව කටයුතු කළා යෑයි හිටපු ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශයට දින කිහිපයකට පසුව මෙම හමුව සිදුවිය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p