නව ෆොසිලය මානව පරිණාමයේ හමු නොවූ පුරුකද?

March 16, 2015

වානරයා හා මිනිසා යා කරන පූර්වජයකුගේ බවට සැලකෙන ෆොසිලයක් සොයාගෙන ඇතැයි වාර්තා වේ.

මෙය මෙතෙක් හමුවි ඇති ආදිතම මිනිස් අස්ථි කොටසටත් වඩා වසර ලක්‍ෂ 4ක් පැරණි බව පැවසේ.

නැමී ගමන් කළ ඔස්ට‍්‍රලෝපිතිකස් මානවයාගේ සිට සෘජුව ගමන් කළ හෝමෝ මානවයා තෙක් අතරමැද පුරුකක් සොයා පුරාවිද්‍යාඥයින් දශක ගණනාවක් දැරූ වෙහෙස මල්ඵල දරා තිබීමට බොහෝ ඉඩ ඇතැයි විචාරකයින් පවසති.

මේ ෆොසිලය හමුවීම සමග සෘජුව ඇවිද ගිය මානවයෙකු මීට වසර මිලියන 2.3කට පෙර නොව 2.8කට පෙරද සිටි බව අනාවරණය වීම තවත් විශේෂත්වයකි.

ඇරිසෝනා රාජ්‍ය විශ්වවිද්‍යාලයේ ඉතියෝපියානු ශිෂ්‍යයකු වන චලාචෙව් සෙයූම් විසින් මෙම මානව යටිහනුව සහ දත් 5ක් සොයාගෙන තිබේ.

2013 වසරේදී ඉතියෝපියාවේ අඩිස් අබාබා නගරයේ සිට කිලෝමීටර් 250ක් දුරින් පිහිටි ප‍්‍රදේශයකින් මෙය සොයාගෙන ඇති අතර ඔස්ට‍්‍රලෝපිතිකස් ඇෆරෙන්සිස් මානවයාගේ සාක්‍ෂිය වන ලූසීගේ ෆොසිල ඇට කොටස් හමුවූ ස්ථානයට ආසන්නයෙන් මෙම ෆොසිල කොටස්ද හමුවීම විශේෂත්වයකි.

නෙවාඩා විශ්වවිද්‍යාලයේ බ‍්‍රයන් විල්මෝර් පවසා ඇත්තේ වසර මිලියන 2.5-3ත් අතර ඇති විශාල පරතරය සෙවීමට විශාල උත්සහයක් තිබුණු බවයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p