මගේ පරාජය ඔත්තු සේවා කුමන්ත්‍රණයක්

March 15, 2015

සිය ජනාධිපතිත්වයට එරෙහිව වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් විපක්ෂය සංවිධාන කිරිමෙහිලා ඉන්දියාවේ රෝ රහස් . ඔත්තු සේවය, සී.අයි. ඒ හා එම් අයි 6 යන බටහිර රහස් ‍ඔත්තු සේවාවන් සමගින් එක්ව කුමන්ත්‍රණය කර ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවේ හින්දු පුවත්පත සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදි ප්‍රකාශ කර තිබේ.

සිය පරාජයෙන් පසු ප්‍රථම වරට ඉන්දීය මාධ්‍යයක් අමතමින් මේ අදහස් දැක්විමේදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හෝ ඉන්දිය රජය ඒ සම්බන්ධයෙන් මැදිහත් වීමක් කර නැති බව තම විශ්වාසය බව ද ඔහු වැඩිදුරටත් කියා ඇත.

මෙවන් කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් තමා රජයේ සැලකිල්ල යොමුකළ අතර මෙරට නේවාසික රෝ ඔත්තු‍ සේවා ප්‍රධානියා ශ්‍රි ලංකාවෙන් ‍ඉවත් කරන ලෙස ඉල්ලා සිටි බවත් එහෙත් ඒ සඳහා මැතිවරණය ආසන්නයේ අවසන් මොහොතේ ඊට කැමැත්ත ප්‍රකාශ වු නමුත් ඒ වනවිට ඉන් ඵලක් නොවන තත්ත්වයක් උද්ගතව තිබුණු බවත් මහින්ද රාජපක්ෂ මහතා හින්දු පුවත් පතට කියා තිබේ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p