ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු පොලී යෝජනා ක‍්‍රමය සඳහා නව උපදෙස් මාලාව

March 17, 2015

ශ‍්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය ඇතිව, ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් සියලුම බැංකුවලට ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු විශේෂ පොලී යෝජනා ක‍්‍රමයට අදාළ නව මෙහෙයුම් උපදෙස් මාලාව පසුගිය සිකුරාදා (13) නිකුත් කර ඇත.

වයස අවුරුඳු 60 ට වැඩි සියලුම නේවාසික ශ‍්‍රී ලාංකික පුරවැසියන් සඳහා මෙම ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු විශේෂ පොලී යෝජනා ක‍්‍රමය විවෘත වේ.

2015 ජනවාරි 16 දින සිට වසරක කාලසීමාවක් සඳහා සුදුසුකම්ලත් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් විසින් තනි තනිව සියලුම බැංකුවල ආරම්භ කරනු ලබන එකතුව රුපියල් මිලියනයකට නොවැඩි ස්ථාවර තැන්පතු සඳහා තැන්පතුව ආරම්භ කළ දිනයේ සිට සියයට 15 ක වාර්ෂීක පොලී අනුපාතයක් හිමි වේ.

2015 ජනවාරි 16 දිනට පෙර සියයට 12 ක විශේෂ පොලී යෝජනා ක‍්‍රමය යටතේ ආරම්භ කරන ලද එකතුව රුපියල් මිලියන 2.5 කට නොවැඩි ස්ථාවර තැන්පතු සඳහා තැන්පතුව ආරම්භ කළ දිනයේ සිට සියයට 12 ක වාර්ෂීක පොලී අනුපාතයක් හිමි වේ.

ඒ අනුව, මේ සම්බන්ධයෙන් 2015 පෙබරවාරි 25 වන දින ශ‍්‍රී ලංකා මහ බැංකුව නිකුත් කරන ලද මෙහෙයුම් උපදෙස් අවලංගු කර ඇත.

– news.lk

Sammy

Previous story Next story

Leave a comment

t

o

p