චීන සමාගමක් දින 19කින් මහල් 57ක ගොඩනැගිල්ලක් හදලා

March 17, 2015

චීන සමාගමක් විසින් වාර්තාගත දින 19ක් තුළ මහල් 57ක ගොඩනැගිල්ලක් නිර්මාණය කර ඇතැයි වාර්තා වේ.  නිරිතදිග චීනයේ චැන්ග්ෂා ප‍්‍රදේශයේ ඉදිකර ඇති මෙය චීනයේ බ්‍රෝඞ් සස්ටේනබල් ගොඩනැගිලි සමාගමේ නිර්මාණයකි.

මේ සඳහා පෙර සැකසූ ලෙගෝ වැනි කැබලි භාවිතා කර ඇති අතර දිනකට මහල් 3ක වේගයකින් ඉදිකර තිබේ.  වර්ග මීටර් 180000ක ඉඩ ප‍්‍රමාණයක් සහිත මෙහි පුද්ගලයින් 4000කට ජීවත්විය හැකි නිවාස 800ක් ඉදිකර ඇතැයි පැවසේ.

සමාගම පවසා ඇත්තේ මෙම ගොඩනැගිල්ල ඉතාමත් පරිසර හිතකාමී ලෙස නිමවූ බවයි.  මෙම ලෙගෝ වැනි කැබලි භාවිතා කිරීම මගින් කොන්ක‍්‍රීට් ට‍්‍රක් රථ 15000ක් පමණ අඩු කරගත් අතර පරිසරයට මුදාහැරුණේ ඉතාමත් අඩු ¥විලි ප‍්‍රමාණයක් බව බ්‍රෝඞ් සස්ටේනබල් සමාගම පවසා තිබේ.

චීනය තුළ පරිසර ¥ෂණය ඉතාමත් බරපතල ප‍්‍රශ්නයක් වන අතර ගොඩනැගිල්ල තුළ ඇති වායු සමීකරණ පද්ධතිය විසින් ගොඩනැගිල්ල තුළ ඇති වාතය බාහිරයට වඩා පිරිසිඳුබව පැවසේ.

මෙම 57 මහල් ගොඩනැගිල්ල පළමුව 97 මහල් ගොඩනැගිල්ලක් ලෙස සැලසුම් කෙරුණද අසල ඇති ගුවන් තොටුපළ හේතුවෙන් එය සීමා කිරීමට සිදුවිය.

මින් පෙර 2012දී බ්‍රෝඞ් සස්ටේනබල් සමාගම විසින් චැන්ග්ෂාහිදී දින 15ක් තුළ 30 මහල් ගොඩනැගිල්ලක් ඉදිකර වාර්තා අතරට එක්වී ඇතැයිද වාර්තා වේ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p