Local News

පළාත් පාලන මැතිවරණයට ඇති බාධා වහාම විසඳිය යුතුයි

ඉදිරි පළාත් පාලන ආයතන මැතිවරණය ලබන වසරේ මුල් කාලයේදී පවත්වන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොරොන්දු වී තිබෙන නිසා මැතිවරණය පැවැත්වීමට බාධාවන කරුණු වහාම විසඳිය යුතු බව ජනතා විමුකිත් පෙරමුණ සඳහන් කරයි. පළාත් පාලන ආයතන පනතේ හා කොට්ඨාස සීමා නිර්ණය කිරීමේ ගැටලු පවතින නිසා මෙම ගැටලු වහාම විසඳීමට බලධාරීන් කටයුතු කළ යුතු බවත් අදාළ ගැටලු Read More

හජ් උත්සවය අද

ලොව පුරා ඉස්ලාමීය බැතිමතුන් මහත් හරසරින්  සමරණ හජ් උත්සවය අදට(12) යෙදී තිබේ. ඉස්ලාමීය බැතිමතෙකු සිය ජිවිතයේ එක් අවස්ථාවක් හෝ මක්කම වන්දනාවේ යෙදීම සිදු කළ යුතු අතර එම වන්දනාවේ වැදගත් දිනයක් ලෙස අදට යෙදී ඇති හජ් දිනය සලකනු ලබයි.

වත්මන් රජයට සැලැස්මක් නෑ

වත්මන් රජයට සැලැස්මක් නොමැතිකමින් සියලු සංවර්ධන වැඩසටහන් ඇණහිට ඇති බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ රාජ්‍ය නිලධාරීන් ද සංවර්ධන කටයුතු සඳහා දායකවීමට බිය වී ඇති බවයි. කුරුණෑගල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.

රුපියල් කෝටි 221 ට අධික මුදලක් ඉල්ලා පාර්ලිමේන්තුවට පරිපූරක ඇස්තමේන්තුවක්

පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට මිළදි ගත් බස් රථ වෙනුවෙන් කල්බදු වාරික ගෙවීම, මුහුදු බඩ මාර්ගය කොල්ලූපිටියේ සිට පානදුර දක්වා දීර්ඝ කිරිම, නව කැළණි පාලමේ සිට අතුරුගිරිය දක්වා ඉදි කෙරෙන කුළුණු මත මාර්ගය සහ ඉන්දියන් ගිලන් රථ සේවාවේ ආරම්භක වියදම් වෙනුවෙන් මුදල් ලබා ගැනීම සඳහා රුපියල් කෝටි 221 ට අධික මුදලක් ඉල්ලා පාර්ලිමේන්තුවට පරිපූරක Read More

පාර්ලිමේන්තු රැස්වීම් ඔක්තෝම්බර් මාසයේදි කල් යයි

පාර්ලිමේන්තුවේ විද්‍යුත් තාක්ෂණික පද්ධතිය නවීකරණය කිරිම සඳහා ඔක්තෝමබර් මාසයේ සභා රැස්විම් කටයුතු එක් සතියකින් කල් දැමීමට පක්ෂ නායකයෝ තීරණය කර තිබේ. සභවේ ශබ්ද විකාශන පද්ධතිය, විද්‍යුත් ඡන්ද ක්‍රමය, විද්‍යුත් මයික්‍රෆෝන පද්ධතිය සකස් කිරිම සඳහා මෙලෙස පාර්ලිමේන්තු රැස්විම් කල් තැබෙනු ඇත. ඔක්තෝම්බර් මස පළමු සතියේ රැස්විම් පැවැත්වීමෙන් පසුව දෙවන සතියේ 18 දා සිට 21 දා දක්වා Read More

දක්ෂිණ අධිවේගයේ පිවිසුම් පසුගිය රජය දේශපාලන බලපෑම් මත වෙනස්කරලා

ජාතික අවශ්‍යතාවය මත නිර්මාණය කර තිබෙන දක්ෂිණ සංවර්ධන අධිවේගී මාර්ගයේ පිවිසුම් පසුගිය රජය දේශපාලන බලපෑම් මත වෙනස් කර ඇති බව උසස් අධ්‍යාපන හා මහා මාර්ග  ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (09) ප්‍රකාශ කළේය. දක්ෂිණ අධිවේගී මාර්ගයේ පිවිසුම් නියමිත සැලැස්මෙන් තොරව වෙනස් කිරීමෙන්  ජනතාව මහත් දුෂ්කරතාවලට මුහුණුදී ඇති බවට ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී වෛද්‍ය ‍නලින්ද Read More

රාජ්‍ය සේවා කම්කරු නිලධාරි සංගමය සමඟ සාකච්ඡාවට සූදානම්

වැඩ වර්ජනයක් ආරම්භ කර ඇති රාජ්‍ය සේවා කම්කරු නිලධාරි සංගමය සමඟ සාකච්ඡා කර ගැටලුව නිරාකරණය කර ගැනීමට ඕනෑම අවස්ථාවක සූදානම් බව කම්කරු හා වෘත්තීය සමිති සබඳතා රාජ්‍ය ඇමැති රවින්ද්‍ර සමරවීර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (09) ප්‍රකාශ කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විසින් කම්කරු දෙපාර්තමේන්තුවේ ආරම්භ කර ඇති වැඩ වර්ජනය ගැන පාර්ලිමේන්තුව දැනුවත් කරන ලෙස ප්‍රශ්නයක් යොමු Read More

මහ බැංකු සිද්දියේ කෝප් කමිටු පරික්ෂණ අවසන්

මහ බැංකු බැදුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව පැවැත්වූ පරික්ෂණ සියල්ල ඊයේ (08) අවසන් කර ඇත. බැදුම්කර සිද්ධියට අදාලව නිලධාරින් නැවත නොකැදවීමට තිරණය කර ඇති කෝප් කාරක සභාව සිද්ධියට අදාල වාර්තාව සකස් කරන ලෙස සභාපති සුනිල් හදුන්නෙත්ති මහතා කමිටු කාර්යාලයට නියෝග කර තිබේ. විමර්ශනය සම්බන්ධයෙන් කරුණු විමසිමට කෝප් කමිටුව හමුවට Read More

කම්කරු දෙපාර්තමේන්තුවේ වැඩවර්ජනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව දැනුවත් කරන්න

ප්‍රතිව්‍ය{හගතකරණය මුවාවෙන් කම්කරු දෙපාර්තමේන්තුවට කිරිමට හානියට එරෙහිව එහි නිලධාරින් ආරම්භ කර ඇති වැඩවර්ජනය සම්බන්ධයෙන් කම්කරු ඇමතිවරයා පාර්ලිමේන්තුව දැනුවත් කළ යුතු බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදි ඊයේ (08) ප්‍රකාශ කළේය. රජය සෑම දෙයකටම ප්‍රතිව්‍ය{හගතකරණය නම යොදමින් පෞද්ගලිකරණයට ඇද ගෙන යන බව පැවසු මන්ත්‍රීවරයා මේ නිසා වැඩකරන ජනතාව ලොකු ගැටලූවකට මුහුණ පා සිටින Read More

t

o

p