මහ බැංකු සිද්දියේ කෝප් කමිටු පරික්ෂණ අවසන්

September 9, 2016

මහ බැංකු බැදුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව පැවැත්වූ පරික්ෂණ සියල්ල ඊයේ (08) අවසන් කර ඇත.
බැදුම්කර සිද්ධියට අදාලව නිලධාරින් නැවත නොකැදවීමට තිරණය කර ඇති කෝප් කාරක සභාව සිද්ධියට අදාල වාර්තාව සකස් කරන ලෙස සභාපති සුනිල් හදුන්නෙත්ති මහතා කමිටු කාර්යාලයට නියෝග කර තිබේ.
විමර්ශනය සම්බන්ධයෙන් කරුණු විමසිමට කෝප් කමිටුව හමුවට මහ බැංකු අධිපතිවරයා ඊයේ කැඳවා තිබු අතර ඔහුගෙන් කිසිදු කරුණු විමසිමක් කෝප් කමිටු සාමාජිකයන් කර නොමැත. ඒ අනුව මහ බැංකු බැදුම්කර ගණුදෙනුවට අදාල විමර්ශන කටයුතු අවසන් කොට එහි වාර්තාව සකස් කිරිමට තීරණය කළ බව කමිටු සාමාජිකයෙකු ප්‍රකාශ කළේය.
ඒ අනුව ඔක්තෝම්බර් මස 13 දා මහ බැංකු බැදුම්කර සිද්ධියට අදාළ කෝප් කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියමිතය.
මහ බැංකු අධිපතිවරයා කෝප් කමිටුවට කැඳවා දිවුරුම්පිට ප්‍රකාශයන් ලබාගත යුතු බව කමිටු සාමාජිකයන්ගෙන් පිරිසක් ප්‍රකාශ කර ඇති අතර බහුතරය ඊට විරෝධය පළ කිරිම නිසා මහ බැංකු අධිපතිවරයාගෙන් ප්‍රකාශ ලබා ගැනිමට ඉල්ලූ පිරිස ප්‍රශ්න විමසා නැත.
මේ නිසා එක් මන්ත්‍රීවරයෙකු පමණක් ප්‍රශ්න දෙකක් විමසා ඇති අතර සෙසු මන්ත්‍රීවරු ප්‍රශ්න නොවිමසිම නිසා විනාඩි 10 ක වැනි කාලයකදි මහ බැංකු අධිපතිවරයාව කෝප් කමිටුවෙන් මුදා හැරි බවද එම ප්‍රකාශකයා කීවේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p