කම්කරු දෙපාර්තමේන්තුවේ වැඩවර්ජනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව දැනුවත් කරන්න

September 9, 2016

ප්‍රතිව්‍ය{හගතකරණය මුවාවෙන් කම්කරු දෙපාර්තමේන්තුවට කිරිමට හානියට එරෙහිව එහි නිලධාරින් ආරම්භ කර ඇති වැඩවර්ජනය සම්බන්ධයෙන් කම්කරු ඇමතිවරයා පාර්ලිමේන්තුව දැනුවත් කළ යුතු බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදි ඊයේ (08) ප්‍රකාශ කළේය.
රජය සෑම දෙයකටම ප්‍රතිව්‍ය{හගතකරණය නම යොදමින් පෞද්ගලිකරණයට ඇද ගෙන යන බව පැවසු මන්ත්‍රීවරයා මේ නිසා වැඩකරන ජනතාව ලොකු ගැටලූවකට මුහුණ පා සිටින බවද සඳහන් කළේය. සභානායකවරයාට මේ සම්බන්ධයෙන් පිළිතුරක් දිය නොහැකි නිසා විෂ්‍යභාර ඇමතිවරයා ගෙන්වා සභාවට පිළිතුරක් ලබාදෙන ලෙසද ඉල්ලා සිටියේය.
මෙහිදි ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා කීවේ වසර 80 ක් පැරණි කම්කරු දෙපාර්තමේන්තුවේ සියලූ නිලධාරින් අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කර ඇති බැවින් රජය වහාම ඊට මැදියත් ව ක්‍රියා කළ යුතු බවයි.
කම්කරු දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍ය{හගතකරණයට විරුද්ධව ඔවුන් මෙලෙස වැඩවර්ජනයේ නිරතවන බව පැවසු මන්ත්‍රීවරයා මෙම දිනය එක් දිනක් හෝ අකර්මණ්‍යවුවහොත් ලක්ෂ 45 ක පමණ වැඩකරන ජනතාවගේ ප්‍රශ්නවලට විසදුම් දීම අර්බුදයකට යන බව කීවේය.
මෙහිදි සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේ තමන් මේ පිළිබඳ කම්කරු ඇමති ජෝන් සෙනවිරත්න මහතාගේ අවධානයට යොමු කරන බවයි. යහපාලන රජය යටතේ ඕනෑම අයෙකුට සිය අයිතින් වෙනුවෙන් වැඩවර්ජන උද්ඝෝෂණ කිරිමේ හැකියාව පවතින බවද ඇමතිවරයා සඳහන් කළේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p