උදයංග වීරතුංග හා බිරිදට ලබාදී තිබු රාජතාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍ර අවලංගු කරයි

September 9, 2016

රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයාව සිටි උදයංග වීරතුංග මහතාට හා ඔහුගේ බිරිදට ලබාදී තිබු රාජතාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රය අවලංගු කර සාමාන්‍ය ගමන් බලපත්‍රයක් මේ වසර මුලදි ලබා දුන් බව සංස්කෘතික කටයුතු, අභ්‍යන්තර කටයුතු හා වයඹසංවර්ධන ඇමති එස්.බී. නාවින්න මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (08) ප්‍රකාශ කළේය.
රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රය අවලංගු කර සාමාන්‍ය ගමන් බලපත්‍රය ඔහුට සහ බිරිදට නිකුත් කරද්දි ඔහු සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබුණේ නැතැයිද ඇමතිවරයා කීවේය. ඒ වන විට අධිකරණ නියෝගයක් ලැබි තිබුණා නම් ඒ අනුව කටයුතු කිරිමේ හැකියාව තිබුණේයැයිද ඔහු පෙන්වා දුන්නේය.
ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී උදයංග වීරතුංග මහතා ඇසු වාචික පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව කීවේය.
උදයංග වීරතුංගට විරුද්ධව චෝදනා කිහිපයක් තිබෙන අතර යුක්රේන රජය ඔහුට චෝදනා කර තිබෙන බවද කී මන්ත්‍රීවරයා රුසියානු තානාපති කාර්යාලයේ නිලධාරියෙකුගේ මරණය සම්බන්ධයෙන්ද ඔහුට චෝදනා එල්ලවන බවද ඒ මහතා සඳහන් කළේය. එවන් බරපතල චෝදනා එල්ල වී ඇති අයෙකුට සාමාන්‍ය ගමන් බලපත්‍රය නිකුත් කළේ කාගේ උවමනාවකටදැයි මන්ත්‍රීවරයා විමසා සිටියේය.
මෙහිදි ඇමතිවරයා කියා සිටියේ ඔහුට චෝදනා තිබුණත් නඩුවක් පවරා තින්දුවක් දි නැතිනම් සාමාන්‍ය ගමන් බලපත්‍රයක් නිකුත් කිරිමේ බාධාවක් නැති බවයි. නඩුවෙන් පසු ආගමන විගමන පාලකවරයා විසින් ඔහු ගැන ජාත්‍යන්තර පොලීසියට දන්වා තිබෙන බවද සඳහන් කළේය.
ඔහුට විරුද්ධව පොලිසිය පරික්ෂණයක් පවත්වද්දි ඔහුගේ බිරිඳ ලංකාවට පැමිණ සාමාන්‍ය ගමන් බලපත්‍රයක් රැගෙන ගොස් ඇති බවත් මෙය විදේශ කටයුතු අමාත්‍යාංශයේ අනුදැනුම සහ සහයෝගය ඇතිව සිදුවූ දෙයක් බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
නව රජය බලයට පත් වූ පසු උදයංග වීරතුංගට ලබා දී තිබු රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රය අවලංගු කළ බව කී නාවින්න ඇමතිවරයා නඩු තින්දුවක් නැතිනම් සාමාන්‍ය ගුවන් ගමන් බලපත්‍ර ඉල්ලන සෑම පුද්ගලයෙකුටම එය ලබාදිය යුතු බවද කීවේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p