දක්ෂිණ අධිවේගයේ පිවිසුම් පසුගිය රජය දේශපාලන බලපෑම් මත වෙනස්කරලා

September 11, 2016

ජාතික අවශ්‍යතාවය මත නිර්මාණය කර තිබෙන දක්ෂිණ සංවර්ධන අධිවේගී මාර්ගයේ පිවිසුම් පසුගිය රජය දේශපාලන බලපෑම් මත වෙනස් කර ඇති බව උසස් අධ්‍යාපන හා මහා මාර්ග  ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (09) ප්‍රකාශ කළේය.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පිවිසුම් නියමිත සැලැස්මෙන් තොරව වෙනස් කිරීමෙන්  ජනතාව මහත් දුෂ්කරතාවලට මුහුණුදී ඇති බවට ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී වෛද්‍ය ‍නලින්ද මහතා ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව පැවසීය.

එම ජනතා අපහසුතා මඟ හරිමින්  ගැලනිගම දොඩම්ගොඩ පිවිසුම් අතරමැද වූ පාල්පොල ප්‍රදේශයට අධිවේගී පිවිසුමක් ලබාදීමට කටයුතු කරන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය ඇමැති අජිත් පී පෙරේරා මහතා පැවසීය.

බණ්ඩාරගම පැල්පොල ඉදිකරන  නව අධිවේගී පිවිසුම මඟින් ජනතා දුෂ්කරතා මඟහැරී ප්‍රධාන නගර කිහිපයකට ළඟාවීමේ පහසුවන බවත් නියෝජ්‍ය ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

රජය මහා මාර්ග ඉදිකිරීමේදී ජනතාවගේ දේපළ වෙනුවෙන් ගෙවන වන්දි මුදල කඩිනමින් ගෙවන බවත් කළුතර කටුකුරුන්ද නාගොඩ හරහා නෑබඩ
දක්වා මාර්ගය පුළුල් කිරීමේ කටයුතුවලට රුපියල් කෝටි180කට අධික මුදලක් වැය කරන බවත් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

කටුකුරුන්ද සිටනෑබඩ දක්වා වන මාර්ගය මීටර් 12 සිට 16දක්වා පුළුල් කරන බවද පැවසූ ඇමැතිවරයා මාර්ග පුළුල් කිරීමෙන් ගොඩනැගිලි අහිමිවන ව්‍යාපාරිකයින්ට වන්දි ලබාදීම සිදු කරන බව පැවසීය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p