පාර්ලිමේන්තු රැස්වීම් ඔක්තෝම්බර් මාසයේදි කල් යයි

September 11, 2016

පාර්ලිමේන්තුවේ විද්‍යුත් තාක්ෂණික පද්ධතිය නවීකරණය කිරිම සඳහා ඔක්තෝමබර් මාසයේ සභා රැස්විම් කටයුතු එක් සතියකින් කල් දැමීමට පක්ෂ නායකයෝ තීරණය කර තිබේ.
සභවේ ශබ්ද විකාශන පද්ධතිය, විද්‍යුත් ඡන්ද ක්‍රමය, විද්‍යුත් මයික්‍රෆෝන පද්ධතිය සකස් කිරිම සඳහා මෙලෙස පාර්ලිමේන්තු රැස්විම් කල් තැබෙනු ඇත.
ඔක්තෝම්බර් මස පළමු සතියේ රැස්විම් පැවැත්වීමෙන් පසුව දෙවන සතියේ 18 දා සිට 21 දා දක්වා පැවැත්වීමට යොදා ගෙන සිටි රැස්විම් කටයුතු 25 දා සිට 28 දා දක්වා කල් තැබීමට නියමිතය. නවින තාක්ෂණයෙන් යුතු මෙම කොන්ග්‍රස් පද්ධතිය යාවත් කාලින කිරිම සඳහා දවස් 17 ක කාලයක් ගත වන බැවින් මෙලෙස පර්ලිමේන්තු කටයුතු සතියකින් කල් යනු ඇත.
අය වැයට පෙර නව පද්ධතිය සකස් කළ යුතු බැවින් මෙලෙස රැස්විම් නියමිත කාලයෙන් පරිභාහිරව පැවැත්විමට රජය සැලසුම් කර තිබේ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p