Local News

මට හූ තිවුවේ අරක්කු, ගංජා පොවා එවූ පිරිසක්..

පසුගියදා ගාල්ල බැද්දේමදී තමන් සහභාගී වූ රැස්වීමක හූ තියා කලබල කලේ අරක්කු ගංජා බී සූර් වූ පිරිසක් යයි සන්ධාන මහ ලේකම්, ඇමති මහින්ද අමරවීර මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ අරක්කු ගංජා දී මිනිස්සු එවා රැස්වීම් කඩාකප්පල් කරන සැලැසුම් සහගත කුමන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මක වන බවත් මේවා සිදු කරන්නේ කවුදැයි තමා ඉදිරියේ දී නම් පිටින් හෙළිකරන බවත්ය.

පැල්මයිරාව ආසන්නයේ ඓතිහාසික මාළිගයක් සිරියානු හමුදා අතට..

සිරියාවේ පිහිටා ඇති යුනෙස්කෝ ලෝක උරුමයක් වන පැල්මයිරා නගරයට මුහුණලා පිහිටා ඇති කඳුවැටියක පිහිටා ඇති මධ්‍යකාලීන යුගයට අයත් රජ මාලිගයක් ISIS පාලනය වෙතින් යළි අත්පත් කරගැනීමට සිරියානු හමුදාවන් සමත්ව ඇත. ෆක්ර් අල් ඩින් අල් මානි හෙවත් පැල්මයිරා මාළිගය ලෙස හැඳින්වෙන මෙය පැල්මයිරාවට ඔබ්බෙන් පිහිටා ඇති අවසන් උපායමාර්ගික මධ්‍යස්ථානය ලෙස සැලකේ. සිරියානු හමුදාව මෙතෙක් නිල වශයෙන් Read More

අසාද්ගේ අනාගතය ගැන සාකච්ඡ නොකිරීමට ඇමරිකාව, රුසියාව එකග වේ

ඇමරිකාව හා රුසියාව අතර පැවැත්වෙන සාකච්ඡවලදී සිරියානු ජනාධිපති බෂාර් අසාද්ගේ අනාගතය සම්බන්ධ ගැටළුව පිළිබඳ සාකච්ඡ නොකිරීමට දෙරට අතර අවබෝධයකට පැමිණ ඇත. රුසියානු නියෝජ්‍ය විදේශ අමාත්‍ය සර්ගෙයි රිබාකොව් පවසා ඇත්තේ මේ අවස්ථාවේදී අසාද්ගේ අනාගතය ගැන සාකච්ඡ කිරීම අවශ්‍ය නොවන බවට වන මූලික අදහස ඇමරිකාව හා රුසියාව දෙපාර්ශ්වය විසින් දරන බවයි. රුසියාවේ සංචාරයක නිරතව සිටින ඇමරිකානු රාජ්‍ය Read More

විදුලිය කපන්නේ නෑ.. දැන් වහිනවා.

දිනකට පැය තුන බැගින් විදුලිය අත්හිටුවන්නේ පලවන වාර්තා දෝෂ සහිත යයි විදුලිබල ඇමති රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ඔහු පවසන්නේ කලින් එවන් තීන්දුවක් ගෙන තිබුනද බලාගාර ආශ‍්‍රිත ප්‍රදේශවලට වර්ෂාව ලැබෙමින් පවතින නිසා විදුලි කප්පාදුවක් සිදු නොකරන බවයි. විදුලි බල මණ්ඩල සාමාන්‍යධිකාරීවරයාද පවසන්නේ විදුලිය කපා හිරීම අත්හිටවූ බවයි. මේ වන විට විදුලිය සිඳලීමේ කාලසටහන ලංවිම වෙබ් අඩවියෙන් Read More

2015 සාමාන්‍ය පෙල ප‍්‍රතිඵල නිකුත් කෙරේ..

2015 සාමාන්‍ය පෙල විභාගයේ ප‍්‍රතිඵල නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාග දෙපාර්තමේන්තු වෙබ් අඩවිය ඔස්සේ එම ප‍්‍රතිඵල දැන ගත හැති යයිද දෙපාර්තමේන්තුව කියා සිටී.

ආණ්ඩුව විපක්‍ෂයට එරෙහිව මුන්නේෂ්වරමේ පොල් පූජාවක්..

විපක්‍ෂ බලවේගයන්ට විරුද්දව රජය විසින් සංවිධානය කල පොල් පූජාවක් හා දේව කන්නලවුවක් අද දිනයේ හලාවත මුන්නේෂ්වරම් කෝවිලේදී සිදු විය. මේ සඳහා ප‍්‍රවාහන නියෝජ්‍ය ඇමති අශෝඛ් අබේසිංහ මහතාද සහභාගී විය.

සුබ අලූත් අවුරුද්දට කලින් දුරකථන ඇමතුම් ගාස්තු බද්ද 44%ට නගී

රජය විසින් එන මාසයේ සිට සිදු කරන බදු ඉහල නැංවීම සමග දුරකථන ගාස්තුවලට වැට් බදු ප‍්‍රතිශතය 44‍% ක් පමණ වනු ඇතැයි වාර්තා වෙයි. මේ වන විට දුරකථන ගාස්තුවලට 25%‍ විදුලි සංදේශ බද්දක් හා 2%‍ සෙස් බද්දක් පමණක් අය කරන අතර යෝජිත බදු සංශෝධන යටතේ 15‍% වැට් බද්ද හා 2%‍ ක ජාතික ගොඩනැගීමේ බද්ද දුරකථන බිල්පතට Read More

‘ඔවු මං වේදිකාවේ වැටුනා.. එය කොතරම් සුළු දෙයක්ද’

ගිය 17 වැනිදා හයිඞ් පිටියේ පැවති ජනහමුව අමතන්නට යද්දී තමන් වේදිකාවේ ඇද වැටනු බව සත්‍ය නමුත් තමනට කකුල් මාට්‌ටු දාන කාලයක එය ලොකු දෙයක්‌ නොවන්නේ යයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. ජයඝෝෂා නගමින් තමන් දිරිමත් කල අති විශාල ජනතාවට ආචාර කිරීමට යැමේදී මෙසේ සිදු වූ බවද පවසන මන්ත‍්‍රීවරයා තමන්ගේ කකුල්වලින් Read More

විදුලිය බිඳ වැටීමට ක‍්‍රස්තවාදී ක‍්‍රියාවක් බව අඟවමින් ලංවිම විකුණන්න ආණ්ඩුව සුදානම්..

රට පුරා විදුලිය බිද වැටීම ඉතා පැහැදිලිවම තාක්ෂණික දෝෂයක් යයි තහවරැ වී තිබියදී එය හුවා දක්වමින් ආණ්ඩුව විදුලිබල මණ්ඩලය විකුණා දැමමීට සැරසෙන බව ලංවිම ඉංජිනේරු සංගමය පවසයි. සංගමයේ සභාපති අතුල වන්නිආරච්චි මහතා පෙන්වා දෙන්නේ විදුලිය බිදවැටීමට හේතුව කඩාකප්පල්කාරි ක‍්‍රියාවක් හෝ ත‍්‍රස්තවාදී ක‍්‍රියාවක් යයි අගවමින් සිටීම තුල එවැනි සැකයක් ඇතිවෙන බවයි. ආණ්ඩුවේ හිතවතුන්ට අධික මිලට සුළං Read More

‘ජන සටන’ මෛත‍්‍රීට හෝ ශ‍්‍රිලනිපයට විරුද්ද නෑ

පසුගිය 17 වැනිදා කොළඹ හයිඩ් පිටියේදී ඒකාබද්ධ විපක්‍ෂය විසින් සංවිධානය කරන ලද ‘ජන සටන’ විරෝධතාවට සහභාගී වූ ශ්‍රීලනිප හා සන්ධාන මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමට උවමනා නැතැයි එජනිස මහලේකම් ඇමති මහින්ද අමරවීර මහතා පවසයි. ශ්‍රීලනිපය හෝ ජනාධිපතිවරයා එම රැළියේදී කිසිවෙකු විසින් විවේචනය නොකළ නිසා එවන් විනය ක‍්‍රියා මාර්ග ගැනීම උවමනා නැතැයිද ඔහු සඳහන් කරයි.

t

o

p