වැඩිවෙච්චි බද්ද නොවැම්බර් 1 දා සිට

October 28, 2016

නොවැම්බර් 1 වැනි දා සිට අගය එකතු කළ වැට් බද්ද ක්‍රියාත්මක වන බව මුදල් අමාත්‍යාංශය කියයි. ඒ අනුව එදින සිට වැට් බද්ද 11% සිට 15% දක්වා ඉහළ යනු ඇති බව මුදල් අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙයි.

වසරකට  රුපියල් කෝටි පහක පිරිවැටුපක් ඇති සිල්ලර හෝ තොග වෙළෙන්දන් මෙම වැට් බද්ද ගෙවිය යුතු වේ.

දුම්කොළ නිෂ්පාදන, විදුලි සංදේශ සේවා , විදුලි උපකරණ, ස්වර්ණාභරණ හා  කිරිපිටි  වලින් වැට් බදු අය කරයි

පෞද්ගලික සෞඛ්‍ය සේවා වලින් ද වැට් බදු අය කරන බව අමාත්‍යාංශය කියයි.

එහෙත් භාණ්ඩ 82 ක් වැට් බද්දෙන් නිදහස් කරන බවද ජාතිය ගොඩනැගීමේ 2% බද්ද නොවෙනස්ව පවතින බවද අමාත්‍යාංශය කියයි.

විශේෂඥ වෛද්‍යවරු චැනල් කිරිම් හා රෝහල් ගාස්තු වලට  වැට් බදු අය කැරෙනු ඇත.

 

t

o

p