බදු සංශෝධන පනතින් භාණ්ඩ හා සේවා 81 ක් නිදහස්

October 30, 2016

එකතු කළ අගය මත බදු (සංශෝධන) පනතින් භාණ්ඩ හා සේවා 81 ක් නිදහස් කර ඇති බව මුදල් ඇමති රවි කරුණානායක මහතා පාර්ලිමේන්තුවට ඊයේ (26) ඉදිරිපත් කළේය.
සෞඛ්‍ය ක්ෂේත්‍රය, තැපැල්, නිවාස හා ස්මාර්ට් දුරකතන බද්දෙන් නිදහස් කොට ඒ වෙනුවට දුම්කොල සඳහා බදු අය කරන බවද ඇමතිවරයා කීවේය. වැට් පනතින් නිදහස් වන භාණ්ඩ ලැයිස්තුව මෙසේය.
තිරිගු පිටි, සහල්, සිනි, පරිප්පු, තිරිගු, කරවල, ටින් මාලූ, උම්බලකඩ, කුළු බඩු, පාන්, දියර කිරි, තේ, රබර්, පොල්, පොල් කිරි, පොල් තෙල්, ඉස්සෝ, බිත්තර, කරවල, පළතුරු, එළවළු, අල, හාල් මැස්සන්, රතු ළුණු, සුදු ළුණු, බී ළුණු, මුං ඇට, මිරිස්, කව්පි, කඩල, උදු, කොත්තමල්ලි, රට කජු, පොහොර, ඔඣීෂධ, ඔඣීෂධ නිෂ්පාදන යන්ත්‍ර, ඔඣීෂධ නිපදවන උපකරණ, ඔඣීෂධ ඇසුරුම් උපකරණ, ආයුර්වේද සැකසිම, රෝද පුටු, අත් වාරු, ශ්‍රවණ උපකරණ, සුදු සැරයටි, බ්‍රේල් යන්ත්‍ර, බ්‍රේල් කඩදාසි, කණ්නාඩි රාමු, කණ්නාඩි නිපදවිමේ අමුද්‍රව්‍ය, බාහිර රෝගි සේවා, කාන්දු කිරිමේ සේවා හා රෝග විනිශ්චය කිරිමේ පරික්ෂණ, සැත්කම් සේවා, සීසර් සැත්කම්, ගමනා ගමන සේවා, ඩිසල්, භඣමිතෙල්, පෙට්‍රල්, ගුවන් යානා තෙල් වේ.
නිෂ්පාදන අදාළ වන වාහන, බවුසර්, කෘෂි කාර්මික බීජ, කෘෂිකාර්මික පැල, කෘෂිකාර්මික යන්ත්‍ර, ට්‍රැක්ටර්, බේකරි නිෂ්පාදන යන්ත්‍ර, ධිවර උපකරණ, හරිතාගාර ඉදිකිරිම්, වී කෙටිමේ යන්ත්‍ර, කිරි සැකසිමේ යන්ත්‍ර, විදුලිය, සූර්ය බලය, විදුලිය ආරක්ෂා කිරිමේ බල්බ්, පරිගණක උපාංග, අධ්‍යාපන සේවා, පරිගණක මෘදුකාංග, ක්‍රිඩා උපකරණ, ජිවිත රක්ෂණ, මුඬිත පොත්, ජංගම දුරකතන, මැණික්, මුතු, දියමන්ති, රත්තරන්, පැලිටිනම්, පුස්තකාල සේවා, නිවාස ඉඩ පහසුකම් කුලියට හෝ බද්දට දිම වැනි භාණ්ඩ හා සේවාවන් වැට් බදු වැඩිවිමේදි අදාළ නොවේ.
වැට් බදු වැඩිවිම ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන අතර එයින් ඉහත සඳහන් භාණ්ඩ නිදහස් වේ.

t

o

p