ජාතික වීරයින් දහනව දෙනෙකු රාජද්‍රෝහි ලැයිස්තුවෙන් ඉවත් කිරිමට මෙතෙක් රජයේ අවධානය යොමුවී නැහැ

October 27, 2016

නිදහස් සටන පැවැති 1815 සිට 1948 දක්වා කාලයේ එම සටනට උරදුන් කිවුලේගෙදර මොහොට්ටාල, කැප්පෙටිපොල දිසාවේ ඇතුළු ජාතික වීරයින් දහනව දෙනෙකු රාජද්‍රෝහි ලැයිස්තුවෙන් ඉවත් කිරිමට මෙතෙක් රජයේ අවධානය යොමුවී නැතැයි වයඹසංවර්ධන හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේදි ඊයේ (26) ප්‍රකාශ කළේය.
බි්‍රතාන්‍ය රජයට එරෙහිව කැරළිගැසිමේ චෝදනාව මත 1815 ජනවාරි 10 වනදා නිකුත් කළ ගැසට් පත්‍රය මගින් මෙම ජාතික විරුවන් රාජද්‍රෝහින් වශයෙන් බි්‍රතාන්‍ය රජය නම් කර තිබෙනා බවද නියෝජ්‍ය ඇමතිවරයා කීවේය.
කැප්පෙටිපොල දිසාවේ, ගොඩගෙදර දිසාවේ, කොටකැලේ මොහොට්ටාල, කතරගම මහා බෙත්මරාල, කතරගම කුඩා බෙත්මරාල, පල්ලේගොල්ල මොහොට්ටාල, බටකැලේ මොහොට්ටාල, දෙල්ගහගෙදර රෙහෙනෙරාල, පොස්සාරවත්ත විදානේ, කිවුලේගෙදර මොහොට්ටාල, යාලගොම්බේ මොහොට්ටාල, උඩමැදුර මොහොට්ටාල, කොහුකුwුරේ රටේරාළ, කොහුකුwුරේ වළව්වේ මොහොට්ටාල, බූටෑවේ රටේ රාළ, බගිනිගහවෙල රටේ රාල, මහබදුල්ලගම්මන රටේ රාළ, බලූපිටියේ මොහොට්ටාල, පල්ලේමල්ගෙය ගමඇති රාළ, යන ජාතික විරුවන් මෙසේ රාජද්‍රෝහින් ලෙස ගැසට් පත්‍රයේ නම් කර තිබේ.
එම නායකයන්ගේ නම් මේ දක්වා එක් රාජද්‍රෝහි ලැයිස්තුවෙන් ඉවත් කර නැතැයි ද ප්‍රකාශ කළ නියෝජ්‍ය ඇමතිවරයා මොවුන් ජාතික විරවරයන් ලෙස මේ වන විටත් පිළිගෙන ඇතිමුත් දේපොල හා බුදල් පිළිබඳ ගැටළු නිසා අධිකරණ අමාත්‍යාංශය මැදිහත් වී රාජද්‍රෝහීන් ලෙස නම් කර ඇති මේ අය ජාතික වීරයන් ලෙස නම් කිරිම ප්‍රමාද වී අතැයිද කීවේය.
මේ සම්බන්ධයෙන් ඉදිරි කටයුතු කිරිමේ වගකිම ඇත්තේ අධිකරණ අමාත්‍යාංශයට බවත් ඔවුන් ඊට මුලික වන්නේ නම් තම අමාත්‍යාංශයටද සහාය දිය හැකි බවත් අමතිවරයා සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂ මාතර දිස්ත්‍රික් මන්ත්‍රි බුද්ධික පතිරණ මහතා ඇසු වාචික පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව කීවේය.

t

o

p