Local News

වනඅලි ප්‍රහාර වලින් මිය යන පුද්ගලයන්ට දෙන වන්දි මුදල ලක්ෂ 2 සිට 5 දක්වා ඉහළට

වනඅලි ප්‍රහාරවලින් මියයන පුද්ගලයින් වෙනුවෙන් එම ඥාතීන්ට ලබාදෙන වන්දි මුදල රුපියල් ලක්ෂ 2 සිට රුපියල් ලක්ෂ 5 දක්වා වැඩිකිරීමට පියවර ගන්නා බවත් ඊට අදාළ යෝජනාව තිරසර සංවර්ධන හා වනජීවී  අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් තිරසර සංවර්ධන හා වනජීවී නියෝජ්‍ය ඇමතිනී සුමේධා ජී. ජයසේන මහත්මිය ප්‍රකාශ කරයි. නියෝජ්‍ය අමාත්‍යවරිය මේ Read More

සමහර ඇමතිවරු කකුලෙන් ඇද්දත් ජනපති අගමැති එක්ව හොඳ ගමනක් යනවා

ජනපති අගමැති එක්ව යහපාලන රජයක් බිහි කිරීමෙන් පසු රජයට එක්ව ඇමැතිකම් ගත් පිරිස අතරින් දෙතුන් දෙනෙකු රජයට ප්‍රශ්න ඇති කරන්නට උත්සහ කරන බවත් ජනපති හා අගමැති එක් ගමනක් යන බව ඔවුන් තේරුම් ගත යුතු බවත් මුදල් අමාත්‍යය රවී කරුණානායක මහතා පවසයි. එදා යහ පාලන රජය බිහිවීම වැලැක්වීම පිණිස කටයුතු කළ පිරිස් ජයග්‍රහණයෙන් පසු ආණ්ඩුවට එකතුවී Read More

හෘද රෝගීන්ට පැය3කින් සුව

හෘද රෝගයක් ඇති වී පැය තුනක් ඇතුළත ලබා දීමෙන් රෝගය සුව කළ හැකි ඖෂධයක් ආනයනය කිරීමට  සෞඛ්‍ය ඇමැතිවරයා තීරණය කර ඇත. මෙම ඖෂධය ලබා දීමෙන් රෝගියාගේ ජීවිතය බේරා ගැනීමට හැකි වන බව හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන් ඇමැතිවරයාට පෙන්වා දීමෙන් අනතුරුව  ඔහු මෙම තීරණය ගෙන තිබේ. දැනට එම ඖෂධය රුපියල් 1,20,000ට අලෙවි වන අතර, ඊට වඩා Read More

විගණකාධිපති රැකගන්න ශ්‍රීලනිපය සැරසේ

ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර නිකුත් කිරීමට අදාළව විගණකාධිපතිවරයා නිකුත් කළ වාර්තාව ගැන පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමට ආණ්ඩු පක්ෂය සැලසුම් කර ඇත. කෙසේ වෙතත් ආණ්ඩුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම දැනුම් දී ඇත්තේ තමන්ට විගණකාධිපතිවරයා ආරක්ෂා කරමින් කතා කිරීමට සිදුවන බවය. එකඟතාව මත මෙම විවාදය පැවැත්වෙනු ඇති බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

සයිටම් තීන්දුවට අවනත විය යුතුයි

මාලඹේ සයිටම් ආයතනය මගින් පිරිනමන උපාධිය සම්බන්ධ නඩු තීන්දුවට සියලු පාර්ශ්වයන් කැමති වුණත්, අකමැති වුණත් අවනත විය යුතු යැයි සභානායක උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල මහතා පවසයි. අධිකරණ නියෝගයක් පිළිනොගැනීම අධිකරණයට කරන අපහාසයක් බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කරන ලද්දේ සයිටම් ආයතනය පමණක් නොවන බවත් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය තුළද වෛද්‍ය Read More

රැකියා අාර්ථිකයක් බිහිකර 2030-31වන විට ඉහළ අාදායම් අාර්ථිකයක් සහිත රටක් බවට පත් කරනවා

රටේ ආර්ථික න්‍යාය පත්‍රය ගෙනත් තිබෙන්නේ රැකියා ආර්ථිකයක් බිහිකර වසර 2030-31 වන විට මේ රට වැඩි ආදායම් ආර්ථිකයක් සහිත රටක් බවට පත් කිරීම සඳහා යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. රාජ්‍ය කළමනාකරණ සහකාර  ශ්‍රේණිය සඳහා පත්වීම් ප්‍රදානය කිරීමේ උත්සවයට සහභාගි වෙමින් අගමැතිවරයා මෙම අදහස්     පළ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද Read More

එ.ජා.ප යෙන් රට පුරා දේශණ මාලාවක්

“වත්මන් දේශපාලනය එදා සහ අද”,  “බලගතු ශ්‍රී ලංකාව” යන මාතෘකා ඔස්සේ දිවයිනේ සෑම මැතිවරණ කොට්ඨාශයකම සති අන්තයේ දේශණ 4 බැගින් පැවැත්වීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කරගෙන යයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් අනුව මේ දේශණ මාලාව ලබන සති අන්තයේ සිට උතුරු නැගෙනහිර පළාත් ඇතුළුව දිවයිනේ සියළුම පළාත්වල සංවිධානය කෙරේ. එක්සත් ජාතික පක්ෂ සන්නිවේදන බලකාය, ජාතික Read More

ලාංකිකයන් කිසිවෙකු ඇමෙරිකාවේ සිරවී නෑ

ශ්‍රී ලාංකිකයන් කිසිවකු, අමෙරිකාවට  ඇතුළුවීමට නොහැකිව එරට කිසිදු ගුවන් තොටු‍පොළක සිර වී නොසිටින බව මෙරට විදේශ අමාත්‍යාංශය සඳහන් කරයි.එසේම අමෙරිකාව ඇතුළු වීමට නොහැකිව  එරට ජෝන් එෆ්. කෙනඩි ගුවන් තොටු‍පොළේ ශ්‍රී ලාංකිකයන් පිරිසක් සිර වී සිටින බවටද කිසිදු තොරතුරක් මෙතෙක් වාර්තා වී නොමැති බව විදේශ අමාත්‍යාංශ මාධ්‍ය ප්‍රකාශිකා මහේෂිනී කොළොන්නේ  මහත්මිය සඳහන් කරයි. කෙසේ වෙතත් ඇමෙරිකාවේ  Read More

වරාය සේවකයන්ට ජල හා කඳුළු ගෑස් ප්‍රහාර

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියානු සහ ඇමෙරිකානු ඒකාබද්ධ සමාගමක් වෙත පවරා දීමට ආණ්ඩුව කටයුතු කරන බවට චෝදනා කරමින් ඊට එරෙහිව වරාය සේවකයන් අද (01) පැවැත්වූ උද්ඝෝෂණයට ‍පොලීසිය විසින් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර විසුරුවා හරිනු ලැබිණ. මෙහිදී වරාය විකිණීම නතර කරන ලෙසටත්, ඊට අදාළ ගිවිසුම අත්සන් නොකරන ලෙසටත් ඉල්ලා සිටිමින් ජනාධිපතිවරයාට සංදේශයක් බාර Read More

දේශයක් ලෙස ලැබූ නිදහස වඩාත් අර්ථවත් කරගනිමු

යටත්විජිත පාලනයෙන් නිදහස ලබා වසර 69 ක් ගත වීම අද අපි සමරනු ලබන්නේ, පැවති දුර්දාන්ත පාලන සමය පරදවා යහපාලන රජය බලයට පත් වී වසර දෙකක් නික්මෙන තැන වීම සුවිශේෂ අවස්ථාවකැයි සිතමි. දේශයක් ලෙස අප ලබා ඇති නිදහස වඩාත් අර්ථවත් කර ගැනීම අප සැමගේ වගකීමක් වන අතර, වත්මන් රජය රටේත්, ජනතාවගේත් ආර්ථික, සමාජයීය, අධ්‍යාත්මික නිදහස පිළිබඳ Read More

t

o

p