එ.ජා.ප යෙන් රට පුරා දේශණ මාලාවක්

February 3, 2017

“වත්මන් දේශපාලනය එදා සහ අද”,  “බලගතු ශ්‍රී ලංකාව” යන මාතෘකා ඔස්සේ දිවයිනේ සෑම මැතිවරණ කොට්ඨාශයකම සති අන්තයේ දේශණ 4 බැගින් පැවැත්වීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කරගෙන යයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් අනුව මේ දේශණ මාලාව ලබන සති අන්තයේ සිට උතුරු නැගෙනහිර පළාත් ඇතුළුව දිවයිනේ සියළුම පළාත්වල සංවිධානය කෙරේ.

එක්සත් ජාතික පක්ෂ සන්නිවේදන බලකාය, ජාතික යොවුන් පෙරමුණ, එක්සත් ලක් වනිතා පෙරමුණ හා එ.ජා.ප වෘත්තීයවේදින්ගේ සංගමය යන සංවිධානවල තරුණ තරුණියෝ දේශකයෝ ලෙස ඊට සහභාගී වෙති.

එක්සත් ජාතික පක්ෂ සන්නිවේදන බලකා අධ්‍යක්ෂ ජනරාල් සුදත් චන්ද්‍රසේකර මහතගේ අධික්ෂණය යටතේ සම්මන්ත්‍රණ සඳහා දේශකයේ පුහුණු කිරිම මේ සතියේදි ඇරඹෙයි.

ලබන සතියේ සිට දිවයින පුරා දේශණ මාලාව පැවැත්විම ආරම්භ කරනු ලබයි. පුහුණුව ලබන මුළු දේශකයින් ගේ සංඛ්‍යාව 140 කි.

පුහුණු කළ දේශකයින්ට අමතරව ඇමතිවරුන් නොවන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සෑම සම්මන්ත්‍රණයකටම සහාගී කරවන ලෙස අග්‍රාමාත්‍යවරයා උපදෙස් දී ඇතැයි  සන්නිවේදන බලකා අධ්‍යක්ෂ ජනරාල් සුදල් චන්ද්‍රසේකර මහතා ප්‍රකාශ කළේය.

t

o

p