Local News

මිරිස් යොදාගෙන අයිස්ක්‍රීම් නිෂ්පාදනය කිරීමට වැලිමඩ පුද්ගලයකු සමත්වෙයි

මඳක් ඉදුණු අමු මිරිස් යොදාගෙන අයිස්ක්‍රීම් වර්ගයක් නිෂ්පාදනය කිරීමට වැලිමඩ පුද්ගලයකු සමත්ව තිබේ. වැලිමඩ පදිංචි ලසන්ත රුවන් ලංකාතිලක විසින් මෙම නිෂ්පාදනය සිදු කර ඇත. ඒ සඳහා ඔහු ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයයේ තාක්ෂණික සහයෝගය ද ගෙන ඇති බව වාර්තා වෙයි. කොළඹ 07, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු හා පර්‌යේෂණ පුහුණු මධ්‍යස්ථානයේදී ඊයේ (27) පැවැති වැඩසටහනකදී ඔහු විසින් Read More

රට ඉදිරියට ගෙන යාමට ශක්තිය තිබෙන්නේ ජනපති රනිල්ට පමණයි

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනඟමින් රට ඉදිරියට ගෙන යාමට හැකි එකම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බවත්, එතුමාගේ වැඩපිළිවෙළට සමස්ත මහා සංඝරත්නයේ ආශිර්වාදය හිමිවන බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවේ මහා නායක, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති අග්ගමහා පණ්ඩිත ආචාර්ය පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහා නායක හිමිපාණන් වහන්සේ පවසයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (27) Read More

ජල සම්පාදනයෙන් නිවේදනයක්

හෙට (29) දින ප්‍රදේශ කිහිපයකට පැය 15 ක කාලයක් සඳහා ජල සැපයුම අත්හිටුවා තිබේ. ඒ අනුව හෙට පෙරවරු 9.00 සිට මධ්‍යම රාත්‍රි 12.00 දක්වා ජල සැපයුම අත්හිටුවනු ලබන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙයි. කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශ මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව නගර සභා Read More

කුඹුරු හිමියන්ට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් පණිවිඩයක්

රජය විසින් ලබා දෙන පොහොර මිලදී ගැනීම සඳහා වන මූල්‍යමය සහනාධාර කුඹුරු හිමිකරුවන්ට සහ ගොවීන්ට පමණක් නිකුත් කිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබේ. ඒ අනුව මෙවර යල කන්නයේදී රජය විසින් රුපියල් බිලියන 5.4ක මුදලක් පොහොර මිලදී ගැනීම සඳහා ගොවීන්ගේ ගිණුම්වලට යොමුකර තිබෙන බවයි එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ දූත පිරිසක් ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනයේ සංචාරයක

ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක Colonel Amanda Johnston සහ ඕස්ට්‍රේලියානු රජයේ සාම මෙහෙයුම් පුහුණු මධ්‍යස්ථානයේ අණදෙන නිලධාරී Lieutenant Colonel Mike Webbe ඇතුළු දූත පිරිසක් ඊයේ (27) ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනයට පැමිණියහ. මෙම පිරිස ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනයේ වැඩ බලන අධ්‍යක්‍ෂ ජෙනරාල් සහ ආරක්‍ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්‍ෂක කර්නල් නලින් හේරත් විසින් එම දූත Read More

හිඟුරක්ගොඩ ගුවන්තොටුපොළ සංවර්ධනයට අනුමැතිය

හිඟුරක්ගොඩ ගුවන්තොටුපොළ අංග සම්පූර්ණ ගුවන්තොටුපොළක් වශයෙන් සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වී තිබේ. ජනාධිපතිවරයා සහ වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවක් එලෙස අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති බව සඳහන්. හිඟුරක්ගොඩ ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීම දැනට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කළමනාකාරිත්වය යටතේ මෙහෙයවනු ලබයි.

සේවකයන් 8,435 දෙනෙකුට ස්ථිර විශ්‍රාම වැටුප් සහිත පත්වීම්

පළාත් පාලන ආයතනවල තාවකාලික, අනියම්, ආදේශක, කොන්ත්‍රාත් සහ සහන පදනම මත සිටින සේවකයන්ට ස්ථිර විශ්‍රාම වැටුප් සහිත පත්වීම් ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. ඒ, අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයටකට අනුවය. මෙමඟින් දිවයින පුරා ප්‍රාදේශීය සභා, නගර සභා, මහනගර සභාවල සේවය කරන Read More

පිරිවෙන් අධ්‍යාපනයට ඩිජිටල් තාක්ෂණය හඳුන්වාදීමට කැබිනට් අනුමැතිය

පිරිවෙන් අධ්‍යාපනය සඳහා ඩිජිටල් තාක්ෂණය හඳුන්වාදීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව මෙරට ඇති පිරිවෙන් 825ක් සඳහා අවම වශයෙන් පරිගණක දෙකක්, ස්මාට් පුවරුවක් සහ මුද්‍රණ යන්ත්‍රයක් ඇතුළු සුහුරු පන්ති කාමර ලබාදීමට පියවර ගන්නා බව කැබිනට් ප්‍රකාශක, ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය. මෙම පිරිවෙන් Read More

මෙරට ඉතිහාසයේ කාන්තාවට සම තැන ලබා දීමට පනතක් ගෙනාවේ ජනපති රනිල්

ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසය තුළ කාන්තාවන්ගේ අයිතිවාසිකම් හෝ කාන්තාවට සම තැන ලබාදීම වෙනුවෙන් පනතක් ගෙනවිත් නොමැති බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ පවසා සිටියි. එහි දී රාජ්‍ය අමාතයවරිය පෙන්වා දුන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සංකල්පයක් අනුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පත මේ වන විට සම්මත වී තිබෙන බවය. මෙහිදී වැඩිදුරටත් Read More

නිල ණය හිමි­යන්ගේ ගිවි­සු­ම්ව­ලට අමෙරිකා, චීන, ජපන් තානා­ප­ති­වරු සුබ පතති

ද්විපා­ර්ශ්වික ණය හිමි­යන්ගේ නිල කමි­ටුව සමඟ අමෙ­රි­කානු ඩොලර් බිලි­යන 5.8ක ණය ප්‍රති­ව්‍යු­හ­ග­ත­ක­රණ අව­සන් එක­ඟ­තා­වට පැමි­ණී­මට සහ ණය ප්‍රති­ව්‍යු­හ­ගත කිරීම සම්බ­න්ධ­යෙන් චීන අප­න­යන ආන­යන බැංකුව සම­ඟත් ගිවි­සු­ම­කට එළැ­ඹී­මට ශ්‍රී ලංකා­වට හැකි වීම පිළි­බඳ විදෙස් තානා­ප­ති­වරු රැසක් ශ්‍රී ලංකා­වට සුබ පැතුම් එක් කර තිබේ. චීන අප­න­යන ආන­යන බැංකුව සමඟ සහ­න­දායී ණය ගිවි­සු­මට අත්සන් තැබූ චීනයේ ශ්‍රී ලංකා Read More

t

o

p