රජය විසින් ලබා දෙන පොහොර මිලදී ගැනීම සඳහා වන මූල්‍යමය සහනාධාර කුඹුරු හිමිකරුවන්ට සහ ගොවීන්ට පමණක් නිකුත් කිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබේ.
ඒ අනුව මෙවර යල කන්නයේදී රජය විසින් රුපියල් බිලියන 5.4ක මුදලක් පොහොර මිලදී ගැනීම සඳහා ගොවීන්ගේ ගිණුම්වලට යොමුකර තිබෙන බවයි එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.