මිරිස් යොදාගෙන අයිස්ක්‍රීම් නිෂ්පාදනය කිරීමට වැලිමඩ පුද්ගලයකු සමත්වෙයි

June 28, 2024

මඳක් ඉදුණු අමු මිරිස් යොදාගෙන අයිස්ක්‍රීම් වර්ගයක් නිෂ්පාදනය කිරීමට වැලිමඩ පුද්ගලයකු සමත්ව තිබේ.

වැලිමඩ පදිංචි ලසන්ත රුවන් ලංකාතිලක විසින් මෙම නිෂ්පාදනය සිදු කර ඇත.

ඒ සඳහා ඔහු ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයයේ තාක්ෂණික සහයෝගය ද ගෙන ඇති බව වාර්තා වෙයි.

කොළඹ 07, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු හා පර්‌යේෂණ පුහුණු මධ්‍යස්ථානයේදී ඊයේ (27) පැවැති වැඩසටහනකදී ඔහු විසින් සිය නිෂ්පාදනය කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීරට හඳුන්වා දුන්නා.

ගල්කිරියාගම සහ වැරනියා යන මිරිස් ප්‍රභේද දෙක දෙමුහුන් කර සකස් කරන ලද Mich Hy 1 මිරිස් ප්‍රභේදය සාමාන්‍යයෙන් ඉදුණු මිරිස් පල්පයක් ආකාරයෙන් සකසා එළකිරි, සීනි ඇතුළු විවිධ අමුද්‍රව්‍ය යොදා මෙම අයිස් ක්‍රීම් වර්ගය සකස් කර තිබේ.

t

o

p