සේවකයන් 8,435 දෙනෙකුට ස්ථිර විශ්‍රාම වැටුප් සහිත පත්වීම්

June 27, 2024

පළාත් පාලන ආයතනවල තාවකාලික, අනියම්, ආදේශක, කොන්ත්‍රාත් සහ සහන පදනම මත සිටින සේවකයන්ට ස්ථිර විශ්‍රාම වැටුප් සහිත පත්වීම් ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ඒ, අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයටකට අනුවය.

මෙමඟින් දිවයින පුරා ප්‍රාදේශීය සභා, නගර සභා, මහනගර සභාවල සේවය කරන තාවකාලික, අනියම්, ආදේශක, කොන්ත්‍රාත් සහ සහන පදනම මත සිටින 8,435 දෙනෙකුට ස්ථිර පත්වීම් ලැබෙන අතර එම පත්වීම් ලිපි කඩිනමින් ලබාදීම සඳහා විශේෂ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගියදා පැවැත්විණි.

ඒ අනුව ජූලි මාසය තුළ එම සියලු පත්වීම් ලිපි ලබාදීමට තීරණය කරන ලදී.

t

o

p