Local News

ගෝඨාට එරෙහි නඩු විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය ඔක්තෝම්බර් 01 දක්වා අත්හිටුවයි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවේ විභාගය ඔක්තෝබර් මස 01 වැනිදා දක්වා අත්හිටුවන ලෙස දන්වා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (25) නියෝගයක් නිකුත් කළේය. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් ගොනු කරන ලද විශේෂ අභියාචනා පෙත්සම සලකා බැලූ බුවනෙක අලුවිහාරේ, ගාමිණි අමරසේකර සහ එස්.තුරෙයිරාජාගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් Read More

ප්‍රංශයෙනුත් මෙරටට කසල එවලා

ප්‍රංශ සමාගමක් විසින් මෙරටට කසල කන්ටේනර් 150 ක් පමණ එවා ඇතැයි පාරිභෝගික අයිතින් සුරැකීමේ සංවිධානය පවසයි. පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික සංවිධානයේ සභාපති රංජිත් විතානගේ විසින් යොමු කළ මාධ්‍ය නිවේදනයක මෙසේද සදහන්වේ. ප්‍රංශයේ මූලස්ථානය පිහිටුවා ඇති  DAT-Arbantis සමාගමේ මෙහෙයුම් අධ්‍යක්ෂකවරයා වන  Chris O’Donnell  2018 නොවැම්බර් මස 21 වන දින මෙරට ව්‍යාපාරිකයෙකුට එවන ලද විද්‍යුත් පනිවිඩයක සදහන්වන්නේ Read More

මධූෂ්ගේ හා කංජිපානිගේ ගෝලයෙකු අලුත්ගමදී අල්ලයි

අලුත්ගම පොලිස් වසමේ අරුණළු ප්‍රදේශයේ දී කොළඹ අපරාධ කොට්ඨාශයේ(CCD) නිලධාරීන් විසින් විශේෂ වැටලීමක් සිදු කර තිබේ. ඊයේ(23) වන දා උදෑසන 10.40 ට පමණ මෙම වැටලීම සිදු කර ඇති අතර, එහිදී එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇත. දැනට අත්අඩංගුවේ සිටින මාකඳුරේ මධූෂ්ගේ හා කංජිපානි ඉම්රාන් නැමති සංවිධානාත්මක අපරාධකරුවන් සමඟ සමීප සම්බන්ධතා පැවැත්වා ඇති මෙම සැකකරු මනුෂ්‍ය ඝාතනයන්ට Read More

අපොස උසස් පෙළ විභාගය අගෝස්තු 05 දා සිට 31 දක්වා

අධ්‍යාපන පොදු සහතික පත්‍ර “උසස් පෙළ -2019′ විභාගය අගෝස්තු මස 05 වැනි දින සිට 2019 අගෝස්තු මස 31 වැනි දින තෙක් පැවැත් වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. උසස් පෙළ විභාගය දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2678කදී පැවැත්වෙන බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ. විභාගය සදහා පෞද්ගලික අයදුම්කරුවන් 74789 දෙනෙකු පෙනි සිටින අතර ඔවුන්ගේ අයදුම්පත් මේ වන Read More

ගෝඨාභය රාජපක්ෂ යළි මෙරටට

වෛද්‍ය  ප්‍රතිකාර ලබා ගැනීම සඳහා සිංගප්පූරුව වෙත ගොස් සිටි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (23) රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. ඔහු  ඊයේ රාත්‍රී 11.45 ට   සිංගප්පූරුවේ සිට පැමිණි සිංගප්පූරු ගුවන් සේවයට අයත් එස්.කිව්.- 468 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත. ඔහු ලබන 11 දා පැවැත්වෙන Read More

පානදුර උතුර පොලීසියේ ගිනි අවි අතුරුදන්වීමේ පරික්ෂණ සීඅයිඩි යට

පානදුර උතුර පොලිස් ස්ථානයේ දී ටී 56 වර්ගයේ ගිනි අවි දෙකක් අතුරුදන් වීම සම්බන්ධයෙන් විමර්ශන වැඩබලන පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත බාර දී තිබේ. පසුගිය ජූලි මස 6 වන දින පෙරවරුවේ මෙම ගිනි අවි දෙක අතුරුදන්ව තිබුණි බව ද පොලීසිය පවසයි. කෙසේ වෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් ජූලි මස 15 වන දින පානදුර උතුර ස්ථානාධිපතිවරයාගේ Read More

පරිසරයට අහිතකර ද්‍රව්‍ය ආනයනය කිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා රේගුවෙන් වාර්තාවක් ඉල්ලයි.

සෞඛ්‍යට සහ පරිසරයට අහිතකර අබලි ද්‍රව්‍ය ශ්‍රී ලංකාවට ආනයනය කිරීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව පිළිබඳ වහාම පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ලබා දෙන ලෙස මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරියට ඊයේ (23) නියෝග කළේ ය. විදේශ සංචාරය නිමා කරමින්  දිවයිනට පැමිණි මුදල් අමාත්‍යවරයා රේගු අධ්‍යක්ෂ ජනරාල් පී.එස්.එම්. චාල්ස් මහත්මිය වෙත මෙම නියෝගය කර තිබේ. දැනට Read More

අපද්‍රව්‍ය මෙරටට ගෙන්වීමට ඉඩ සැලසු ගැසට් නිවේදනය අවලංගු කරනවාද ජවිපෙ විමසයි

‍මෙරටට අපද්‍රව්‍ය ගෙන්වීම සදහා අවසර දෙනු ලැබු ගැසට් නිවේදනය අවලංගු කරන්නේදැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදි අද (23) රජයෙන් ප්‍රශ්න කර සිටියේය. ස්ථාවර නියෝග 27/2 යටතේ ප්‍රශ්නයක් මතු කරමින් අනුර කුමාර දිසානායක මහතා මෙසේද කීය. නීතියේ සිදුරකින් රිංඟා අපද්‍රව්‍ය අඩංගු බහාලුම් සිය ගණනක් මෙරටට ආනයනය කර ඇති බවට වන පුවත් හේතුවෙන් Read More

ත්‍රස්ත ප්‍රහාරයේ තොරතුරු සැපයු පුද්ගලයාට පොලීසියෙන් ලක්ෂ 50 ක්

ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන්ගේ තොරතුරු සැපයු පුද්ගලයකු සඳහා ඇඟයීමට ලක්කර ත්‍යාග මුදලක් පිරිනැමීට වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා තිරණය කර තිබේ. අප්‍රේල් 21 ප්‍රහාරයේ ත්‍රස්තවාදී කණ්ඩායම පිළිබඳව තොරතුරු සැපයු පුද්ගලයකු ඇඟයීමට ලක් නොවු බවට එම පුද්ගලයාගේ හඬපටයක් සමඟ පසුගිය දිනවල මාධ්‍ය මඟින් ප්‍රවෘත්තියක් විකාශ විය. එම ප්‍රවෘත්තිය පිළිබඳ පොලිස් මුලස්ථානයේ අවධානය යොමු වී ඇති අතර මෙම Read More

ආගමික අන්තවාදය පාලනය කිරිමේ අනපනත් හදිසියේ ගෙන එන්න එපා

ආණ්ඩුවට ලකුණු දමා ගැනීම සදහා ආගමික අන්තවාදය පාලනය කිරීමේ පනත් හදිසියේ ගෙන ඒමෙන් වලකින ලෙස බොදුබල සේනා සංවිධානයේ නායක ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවසූහ. බොදු බල සේනා ජාතික මෙහෙයුම් කාර්යාලයේ දී පැවැත්වූ මාධ්‍ය හමුවේ දී  තවදුරටත් අදහස් දක්වමින් බොදු බල සේනා නායක රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ මෙසේද කීහ. විශේෂයෙන්ම අද දවසේ දී මේ මාධ්‍ය හමුව Read More

t

o

p