ප්‍රංශයෙනුත් මෙරටට කසල එවලා

July 25, 2019

ප්‍රංශ සමාගමක් විසින් මෙරටට කසල කන්ටේනර් 150 ක් පමණ එවා ඇතැයි පාරිභෝගික අයිතින් සුරැකීමේ සංවිධානය පවසයි.

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික සංවිධානයේ සභාපති රංජිත් විතානගේ විසින් යොමු කළ මාධ්‍ය නිවේදනයක මෙසේද සදහන්වේ.

ප්‍රංශයේ මූලස්ථානය පිහිටුවා ඇති  DAT-Arbantis සමාගමේ මෙහෙයුම් අධ්‍යක්ෂකවරයා වන  Chris O’Donnell  2018 නොවැම්බර් මස 21 වන දින මෙරට ව්‍යාපාරිකයෙකුට එවන ලද විද්‍යුත් පනිවිඩයක සදහන්වන්නේ මෙරටට යකඩ මෙට්ට සහිත කන්ටේනර් එන බවයි. ඊට පෙර එම ව්‍යපාරිකයා සමග විද්‍යුත් පනිවිඩ හුවමාරැවෙදී සදහන් කරන්නේ ඩොලර් 1400 ක් එක් කන්ටේනරයක් සදහා සිය සමාගමට ගෙවිය හැකි බවයි. එහෙත් මෙරට ව්‍යාපාරිකයා පවසන්නේ මෙරටට කසල ගෙන ඒම නීතිවිරෝධී බවයි. වෙනත් යෝජනාවක් තමන්ට කළ හැකි බව පවසන දේශීය ව්‍යාපාරිකයා ඒ සදහා එක් මෙට්ටයක් සදහා ඩොලර් 45 ක මුදලක් අවශ්‍ය බව කියයි.

පසුව ප්‍රංශ සමාගමේ මෙහෙයුම් අධ්‍යක්ෂකවරයා පවසන්නේ එම මුදල වැඩි බැවින් ලංකාවේ වෙනත් සමාගමකට අදාල කසල ලබා දීමට කටයුතු කරන බවයි.

මෙම විද්‍යුත්පනිවිඩ දෙස බැලීමේදී පෙනීයන්නේ මෙරටට ප්‍රංශයෙන් කසල කන්ටේනර් 150 ක් පැමිණ ඇති බවයි.

මේ පිළිබදව අප විසින් පොලිස් මූළස්ථානයට පැමිණිලි කිරීමට බලා පොරොත්තු වන අතර එම කසළ කන්ටේනර් මෙරටට ගෙන ආවේ කුමන සමාගද? යන්න සොයාගත යුතුව ඇත.

t

o

p