මධූෂ්ගේ හා කංජිපානිගේ ගෝලයෙකු අලුත්ගමදී අල්ලයි

July 24, 2019

අලුත්ගම පොලිස් වසමේ අරුණළු ප්‍රදේශයේ දී කොළඹ අපරාධ කොට්ඨාශයේ(CCD) නිලධාරීන් විසින් විශේෂ වැටලීමක් සිදු කර තිබේ.

ඊයේ(23) වන දා උදෑසන 10.40 ට පමණ මෙම වැටලීම සිදු කර ඇති අතර, එහිදී එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇත.

දැනට අත්අඩංගුවේ සිටින මාකඳුරේ මධූෂ්ගේ හා කංජිපානි ඉම්රාන් නැමති සංවිධානාත්මක අපරාධකරුවන් සමඟ සමීප සම්බන්ධතා පැවැත්වා ඇති මෙම සැකකරු මනුෂ්‍ය ඝාතනයන්ට ආධාර අනුබල දීම හා කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව ඇත.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 36 ක් වු අරුණළු ප්‍රදේශය, කුරුන්ද පාර, දර්ගානගරය යන ලිපිනයේ පදිංචි ලන්තුවාහන්දි සංජීව පුෂ්ප කුමාර නැමැත්තෙකි.

සැකකරු සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

t

o

p