අපොස උසස් පෙළ විභාගය අගෝස්තු 05 දා සිට 31 දක්වා

July 24, 2019

අධ්‍යාපන පොදු සහතික පත්‍ර “උසස් පෙළ -2019′ විභාගය අගෝස්තු මස 05 වැනි දින සිට 2019 අගෝස්තු මස 31 වැනි දින තෙක් පැවැත් වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

උසස් පෙළ විභාගය දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2678කදී පැවැත්වෙන බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

විභාගය සදහා පෞද්ගලික අයදුම්කරුවන් 74789 දෙනෙකු පෙනි සිටින අතර ඔවුන්ගේ අයදුම්පත් මේ වන විට තැපැල් කර ඇති බවද එහි සදහන් කරයි. අයදුම්පත් නොලද සිසුවෙකු වෙතොත් www.doenets.lk වෙබ් අඩවියට පිවිස එහි මුල් පිටුවේ ඇති විභාග ප්‍රෙව්ශ පත්‍ර අයිකනයට පිවිසිමෙන් බාගත කරගත හැකි බවද විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි.

t

o

p