ආගමික අන්තවාදය පාලනය කිරිමේ අනපනත් හදිසියේ ගෙන එන්න එපා

July 23, 2019

ආණ්ඩුවට ලකුණු දමා ගැනීම සදහා ආගමික අන්තවාදය පාලනය කිරීමේ පනත් හදිසියේ ගෙන ඒමෙන් වලකින ලෙස බොදුබල සේනා සංවිධානයේ නායක ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවසූහ.

බොදු බල සේනා ජාතික මෙහෙයුම් කාර්යාලයේ දී පැවැත්වූ මාධ්‍ය හමුවේ දී  තවදුරටත් අදහස් දක්වමින් බොදු බල සේනා නායක රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ මෙසේද කීහ.

විශේෂයෙන්ම අද දවසේ දී මේ මාධ්‍ය හමුව පැවැත්වීමේ අරමුණ වූයේ හෝ පෙරේදා ඉතාම හදිසි වගේ ආණ්ඩු විසින් ගෙන තියෙනවා පනත කැබිනට් මණ්ඩලයට මද්රසා පාසල් නියාමනය කිරීම සම්බන්ධයෙන්. අපට දැනගන්නට ලැබී තිබෙන විදිහට, ඒ පනත ඊයේ කැබිනට් මණ්ඩලයට ගෙන ආවත් යම් යම් සංශෝධන කළ යුතුයි කියලා පනත සම්මත කර ගන්නේ නැතුව පසුවට කල් දාලා තියෙනවා. අපිආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා පළමුවෙන්ම කරුණාකරලා හදිසියේ ලහිලහියේ මේ ගෙන එන, ආගමික අන්තවාදය පාලනය කිරීම හෝ එය මැඩළීම සම්බන්ධයෙන් ගෙන එන පනත් සමාජයේ විවෘත සංවාදයකින් තොරව හදිස්සියේ කාගේ හෝ ආගමික කල්ලියක වුවමනාවට ඔන්න අපි කොලා කියල පෙන්නන්න ආණ්ඩුවට ලකුණු ටිකක් එකතු කරගන්න හදිසියේ මේක ගේන්න එපා. මොකද අතිශය භයානක තැනක මේ ඉස්ලාමික වහාබ්වාදී සලෆි වාදී jamaat–islami වැනි උම්මත්තක ආගමික මත දරණ කල්ලි කණ්ඩායම් වල අතේ තමයි මේ වෙද්දි ඉස්ලාම් සමාජය ගැන තීන්දු ගැනීමේ ශුද්ධ වගකීම තියාගෙන ඉන්නේ.

මේ මොහොත වෙද්දී ඇත්ත වශයෙන්ම බහුතරයක් රටේ සාම්ප්‍රදායික ස්වදේශික මධ්‍යස්ථ මුස්ලිම් ජනතාව වහබ්වාදයද සලෆි  වාදයට ජමාතේ ඉස්ලාම් වැනි අන්තවාදයන්ට විරුද්ධ අර සාම්ප්‍රදායික මුස්ලිම් ජනතාවට තමන්ගේ හඬ මතු කරලා මේ ඇත්ත ප්‍රශ්න විවෘතව සාකච්ඡා කරගන්න තියෙන අවස්ථාවන් මග  හැරිලා තියෙනවා. රටේ වගකිවයුතු පාලකයන් ආගමික නායකයන් නිලධාරීන් නීති සකසන්නන් ඒවා ක්‍රියාත්මක කරන්නන් දක්වා මේ සියල්ල ගිලගෙන ඉන්නේ උලමා සභාව විසින් ලෝකයේ ඕනෑම රටක යුරෝපයේ විමසන්න පුළුවන් අසල්වැසි ඉන්දියාවෙන් විමසන්න පුළුවන්, උලමා සභාව කියපු ගමන් ඒ ගොල්ලෝ ඉතාම සූක්ෂම ඇහැකින් තමයි ඒ දෙස බලන්නේ. 

ඒක නිසා කලබලයෙන් මේ අණපනත් වෙන්න එපා කියන යෝජනාව අපි ආණ්ඩුවට ඉදිරිපත් කරනවා. මේ ආගමික උන්මත්තක අන්තවාදය සම්බන්ධයෙන් වඩාත් කියවීමක් අපිට තියෙන නිසා. අපි 2012 ඉඳලා ඉස්ලාමික අන්තවාදයට සම්බන්ධයෙන් කතා කලා. සහරාන් පන්නයේ මරාගෙන මැරීම වලට මුහුණ දෙන්නට මේ ජාතියට සිදු වෙන බවට මතක් කළා. එවකට ඒ පාලකයෝ ඒ වගේම ආගමික සංවිධාන මේකට ප්‍රමුඛතාවය දුන්නේ නැහැ. හැබැයි පාස්කු විසි එක් වෙනිදා පාස්කු ඉරිදා අපි හැමෝම ය ත්‍රපටයක් හරියට රූගත කරලා ප්‍රදර්ශනය කරනවා වගේ ඒ සිද්ධි දහමේ පෙළ ගැසුණා. මද්‍රසා  සම්බන්ධයෙන් අපි අද මේ කරන හෙළිදරව්වත් අනාගතයේ දවසක යථාර්තයක් වෙයි. ඒ නිසා අපට උවමනා කරන්නේ මේ තැන්තැන්වල ගොඩනැගෙන, සහරාන් ට පින්සිදු වෙන්න දැන් සංවිධාන ගොඩයි. රටේ හාමුදුරුවරු වෙනත් උදවිය තම තමන්ගේ සංවිධානවල අරමුදල් තරකර ගන්නට පුදුම තරගයක් දැන් තියෙන්නේ. ප්‍රධාන මාතෘකාව දැන් අමතක වෙලා.මේ තරඟය ඇතුලේ ඇත්ත ප්‍රශ්නය අමතක කරලා. දැන් අපි කළ යුතු වන්නේ මොකක්ද මේ මද්‍රසා සම්බන්ධයෙන් තිබෙන කතාව හරියට තේරුම් අරගෙන හොර රහසේ කරන්නේ නැතුව… දැන් හලාල් සහතිකරණය ගෙනාවා අපිට ඒක තවම නවත්තගන්න බැරි වෙලා තියෙනවා.  කිසිම ආගමික කණ්ඩායමක් දැනුවත් නොකර කිසිම සාකච්ඡාවකින් තොරව උලමා සංවිධානයට ඕන විදිහට දේශපාලකයොත් රවට්ටගෙන, මොකද අපි කරන ලොකුම වැරැද්ද තමයි දේශපාලකයින්ට විතරක් අල්ලගෙන තඩි බෑම. මේ සියලුම පව්වලට දේශපාලකයෝ විතරද වගකියන්න ඕන. නෑ… අපි සමස්ත සමාජයක් විදියට වගකියන්න ඕන. දේශපාලකයොත් සියල්ලදත්ල නොවෙයි. අපිත් එහෙමයි අපිත් සියල්ල දන්න උදවිය නෙමෙයි නේ. යම් පමණකට යම් යම් දේවල් පිළිබඳව අවබෝධයක් තිබෙනවා. එතකොට නිලධාරීන් තන්ත්‍රයක් තියෙනවා රටේ. ඒ නිලධාරීන් වගකියන්න ඕන මං හිතන්නේ දේශපාලකයින්ට අනෙකුත් අයටයි වඩා. ිලධාරීන්ගේ ත්‍රස්තවාදය හරි භයානකයි රටේ. මොකද සමහර දේශපාලකයෝ ගැසට් වල තියෙන්නේ මොනවද කියලා දන්නේ නැහැ. ඒව පහදල දෙන්න නිලධාරීන්. ඒ නිලධාරීන් ම තමයි මේක අස්සෙන් රිංගන්න පුළුවන් මෙන්න මේ නීතිය රිංගන්න පුළුවන් කියලා කියලා දෙන්නේ. ඒ නිසා මේ  අණපනත් සැකසීමේදී.. මේ නිලධාරීන් ඉදිරිපත් කරන කරුණු, කැබිනට්ටුවේ ඉන්න ඇමැතිවරු කිහිපදෙනෙක්ට පුළුවන්ද රටේ අනාගතය තීරණය කරන්න. අද වෙනකන් ජනාධිපතිවරයා නිහතමානි වෙලා තිබෙනවා අපේ මුණගැහෙන්න. මේ වර්තමාන ආණ්ඩුවේ අගමැති… අපි යන්න ඕනෙද appointment දාගෙන අගමැති හම්බ වෙන්න. එහෙම නැත්නම් ඔහුගේ ආගමික නායකයෝ කවුරුවත් පොදුවේ ආණ්ඩුවක් හැටියට අපිව කැඳවලා නැහැ කිසිම සාකච්ඡාවකට. මොකක්ද මේ මද්‍රසා ගැන ඔබ වහන්සේලාගේ අදහස? මේ මුස්ලිම් ප්‍රශ්නය කතාකරමුකෝ… අපිට ජාතිවාදීන් ආගම්වාදීන් කියලා ලේබල් ගගහ, අන්තවාදයන් ගොඩනඟන්න ඉඩදී, මුස්ලිම් ඡන්ද ටිකට කෙල හලන පෙරේත නායකයෝ අද වෙනකන් අපිව කැඳවලා තියෙනවද? මේ ඇත්ත ප්‍රශ්නය දන්න අපිත් එක්ක කතා කරලා තියනවද? ඇත්ත ප්‍රශ්නය නොදන්න පත්තරවලින් කරුණු දකින, අර උළමා සභාවේ අල් ටකියා වට හසුවුණ ඇතැම් ආගමික උපදේශකයො, ඇතැම් සංඝයා වහන්සේලායි,   මේ ගෝලයො ටික තියාගෙන,හදන අණ පනත් වලින් අනාගතයේ ඇතිවන දරුණු විපාකවලට වග කියන්නේ කවුද?

 දැන් මේ එන තිස්වෙනිදා තියෙනවා මොකක්ද ලෝක මුස්ලිම් ලොක්කෝ ටිකක් ගෙනල්ල සෞදියේ මම කියනවා වහාම මේ වැඩ නවත්වන්න කියලා ආණ්ඩුවට. මොකෝ මේකෙ තීන්දු ගන්න  සෞදියෙන් එන්න ඕන. අපි ලැජ්ජා වෙනවා කී ලක්ෂයක් වැඩ කරනවද සෞදියේ වහල් සේවයෙ. මේ රටේ ආගමික මූලස්ථානය ඇතුළුව අපිට මේ සංවිධාන වලට බැරිවෙලා තිබෙනවා, bodyparts හැටියට වකුගඩු අරගෙන උඩු මහලෙන් තල්ලු කරන ඒ අම්මාගේ කඳුළු කතාව වෙනුවෙන් පෙනී ඉන්න. අපි මේ රටේ ඇතුලේ චන්ඩි.  මේ රටට ප්‍රධාන ආදායම් උපයන ඒ අහිංසක ගෑනු වෙනුවෙන් අපි මහත් ආඩම්බර ජාතියක අනුශාසකයෝ හැටියට, හාමුදුරුවරුන්ට බලපෑමක් කරන්න බැරිවෙලා තිබෙනවා මැද පෙරදිගට. ඒ වගේ දුක් විදින ඒ අම්මලා වෙනුවෙන් ඒ අය වෙනුවෙන් සාධාරණයක් ඉල්ලලා. පැය අටක වැඩ මුරයක් නෙවෙයි. කන්න නැතිව ඉඳලා වෙනුවෙන් අපිට කිසිවක් කරන්න බැරිවෙලා තිබෙනවා. අවුරුදු 2500ක උරුමයයි අභිමානයයි පම්පෝරි ගහනවා. හැබැයි රට තුළ ඇතිවෙලා තිබෙන ආගමික උම්මත්තක වාදය නැතිකරගන්න වත් අපිට බැරිවෙලා තිබෙනවා ඒ විවෘත සාකච්ඡාව හදන්න. එතකොට දැන් අරාබියට සෞදියට ඕන විදිහට තමයි මෙහෙ වැඩ පිළිවෙල ගෙනියන්න ඕනේ. මේක මොන තරම් භයානක තැනකද තියෙන්නෙ කියලා ඒක කල්පනා කරල බලන්න. 

 මම අද මද්රසා පාසල් සම්බන්ධයෙන් වැදගත් හෙළිදරව් කිරීම් කිහිපයක් කර සිටිනවා. කරුණාකරලා මේ හදපු මට සහ පාසල් නියාමනය කිරීමේ පනත තුළ අපි මේ   එළිදක්වන කරුණු තිබෙනවාද කියලා බලල රටට කියන්න ඒ පනත් සම්මත කරන්න කලින්. මට මතකයි 2013 අප්‍රේල් මාසයේ 13 වනදා පාර්ලිමේන්තුවට පනතක් ගෙනාව තවුෆික්   කියලා මන්ත්‍රීවරයෙක්, ත්‍රිකුණාමලයේ අරාබි පාසල් කිහිපයක් සංස්ථාපිත කිරීමේ පනත්. මේකේ දාලා තියෙන්නේ කොහොමද? එකේ අරමුණ දාලා තියෙන්නේ මොකක්ද ?ස්ලාමීය ෂරියා නීතිය යටතේ සමාජයට මඟ පෙන්වීම සඳහා  ඉස්ලාමීය දේව ධර්මාචාර්යවරුන් බිහි කිරීම මේ පනතේ අරමුන වේ. එක මන්ත්‍රීවරයෙක් කතා කලාද මේ ගැන පාර්ලිමේන්තුවේ.කොහේ හරි අපි මේ ඊයේ පෙරේදා විශාල වටයක් ගිහින් ආවා ප්‍රදේශ ගණනාවක පළාත් ගණනාවක් ආවරණය වෙන විදිහට ඉතාම පැරණි පල්ලි ය සිංහල අකුරක් දැක්කා හැරුණුකොට. අනිත් ඔක්කොම මොනවද තියෙන්නේ අපි හලාවතින් එනකොට මොනවද දැක්කෙ අරාබි පාසල ක්කොම ඉංග්‍රීසියෙන් ගහලා තියෙනවා අරාබිකරයෙන් ගහලා තියෙනවා. එතකොට සම්පූර්ණයෙන්ම මේ මහා සංස්කෘතියෙන් මිනිස්සු වෙනස් වෙලා කොහෙටද මේ යන්නේ අරාබි සංස්කෘතියකට ගිහිල්ලා අද මේ රටේ මොනවද නැත්තෙ.  නිකරම ව්‍යවස්ථාවට පටහැනිව මේ දේවල් සිද්ධ කරන්නේ. ඒ නිසා අපට තේරෙන විදිහට මේ රටේ ජාතික චින්තනය නමැති මේ කූඩුවේ සුසුම්නාව කැඩිලා. ජාතිය සුසුම්නාව කැඩිලා. ජාතික නායකයන් හැටියට පෙනී ඉන්න දේශපාලන නායකයන්ගේ සුසුම්නාව කැඩිලා. සුසුම්නාව කැඩුනහම වේදනාව දැනෙන්නේ නැහැනෙ මොළයට. සිංහල ජාතියේ ආරක්ෂාව ගැන තීන්දු ගන්න ඉන්නේ සුසුම්නාව කැඩුණු නායකයෝ ටිකක්. ඒ නිසා සිංහලයන්ගේ වේදනාව මේ අයට පේන්නෙ නැහැ. අපි ගියා මන්නාරම ප්‍රදේශයට. සිංහල ගමන් තියෙන සිංහල ගමේ මිනිසුන්ට ගොඩගන්න වතුර ටිකක් නැහැ. වනජීවී එකෙන් අවසර දෙන්නෙ නැහැ. අල්ලපු ගමේ බදුර්දීන්ට ඕනේ විදිහට ගෙවල් හදලා වතුර දීලා ලයිට් දීලා ඒවට කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙම රටක් මේ. එතකොට සිංහලයන් මේ විදින වේදනාව ගැන මොළේට දැනෙන්නෙ නැහැ මොකද සුසුම්නාව කඩලා දේශපාලන නායකයන්ගේ. ඒ සුසුම්නාව කරනු නායකයන්ට කොච්චර කිව්වත් අහන්නේ නෑ. ඒ නිසා අද මේ කරන හෙළිදරව්වෙන්  මේවා මේ හදන අණපනත්වලට මේ කරුණු ඇතුළත් කර තිබුනද නැද්ද කියන එක අපි දන්නේ නැහැ. හැබැයි අපිට පුළුවන් තරම් දැනුම එක කරන්න පුළුවන්. නමුත් දැනුවත් කළාට වැඩක් වෙන්නේ නෑ තීන්දු ගන්නේ තවම හිටගෙන ඉන්නේ වැරදි තැන්වල. ඒ නිසා ඒක හරි භයානක කාරණාවක්.

 පළවෙනි  අපේ යෝජනාව තමයි,  සංවිධානයක් හැටියට මේ මගේ අතේ තියෙනවා ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එකොළොස් වන පරිච්ඡේදය බුද්ධාගම.  අංක නමය ශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමන්නේ ය. එයින් 10 වනි ව්‍යවස්ථාවෙන් හා දාහතර වන ව්‍යවස්ථාවෙන් එක්වන අනු ව්‍යවස්ථාවේ ඊ ඡේදයෙන් සියලුම ආගම් වලට පිරිනමන අයිතිවාසිකම් ආරක්ෂා කරදෙන අතර බුද්ධ ශාසනය සුරක්ෂිත කර පෝෂණය කිරීම රජයේ වගකීම විය යුත්තේ ය.  එතකොට විවස්තාවේ අනුව රජයේ වගකීම අදාල වන්නේ බුද්ධ ශාසනය ආරක්ෂා කොට පෝෂණය කිරීම සඳහා පමණයි. මේ ව්‍යවස්ථාවට අනුව ආණ්ඩුවකට බැහැ අපි කල්පනා කරනවා ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න මේ සම්බන්ධයෙන් ආණ්ඩුවකට බැහැ වෙනත් මිත්‍යාදෘෂ්ටික ආගමික ඉගැන්වීම් වලට සන්නද්ධ වෙන්න අධ්‍යාපන ක්‍රමයට කොහෙවත් තියෙන   ෂරියා නීතියට අදාළ දේවල් මේකේ ගෙනල්ල පැලපදියම් කරන්න ආණ්ඩුවට බැහැ. අපේ විශ්වාසය. ඒ ගැන වහාම සංවාදයක් ඇතිවිය යුතුයි. දැන් මේ වෙනකොට ඔයගොල්ලෝ දන්නවද මං මෙතන ඉඳන් පටන් ගන්නේ මද්‍රසා ගැන. තමන්ගේ ආගමික ශාස්තෘවරයා නබිනායකතුමා ට වැඩිහිටියන්ට ආචාර කරන්න එපා කියල කළගුණ නොසලකන ඉගැන්වීම් මුල් කරගත්තු පල්ලියෙන් පරිබාහිර ස්ථානවල පවත්වාගෙන යන අරාබි මත්තබ් මද්‍රසා නවත්තන් සාම්ප්‍රදායික පල්ලියෙන් නොමිලේ ලබාදුන්,   arabi නිල ඇඳුම් නැති තාලිමුල් මද්‍රසා ක්‍රමය සක්‍රිය කරලා දේශීය චින්තනයෙන් යුත් රටට ගහ කොළට ආදරය කරන මුස්ලිම් දරු පැටව් ටිකක් බිහිකර ගන්න අපිට ඕනි.

 පෙරේදා කාත්තන්කුඩියේ ජාමිඋල්ලා දේවස්ථානයේ  නිවේදනයක් නිකුත් කරනවා ශබ්ද වාහිනිය පාවිච්චි කරලා එන්න නැමදුමට එන්න… ඒ නැමදුමට එන අවස්ථාවලදී නබිතුමාට ආචාර කරන්න එපා කියලා මේ ශබ්දවාහිනී යන්ත්‍ර වලින් උපදෙස් දෙනවා. මේ කාත්තන්කුඩියේ පෙරේදා. එතකොට ඒ  වහාබ් වාදීන්ගේ අණට විරුද්ධව මෙ දක්වා කාත්තන්කුඩියේ උලමා සභාව එක වචනයක් කියලා තියෙනවද? තකොට කාත්තන්කුඩිය මෙවැනි දේ සිද්ධ වෙනවා කියලා එහෙ ජීවත් වන සාම්ප්‍රදායික මුස්ලිම් මිනිස්සු අපට කතා කරලා කියනවා හාමුදුරුවනේ බලන්න මේ jamathul ulamaගෙ සාහසික හැසිරීම.  සහරාන් පුපුරවා ගැනීම දක්වා Ibrahim ලා පුපුරුවා ගැනීම දක්වා ක්‍රියාවලිය මේ jamathul ulama ල දැනගෙන හිටියා.මොකද ඒගොල්ලොන්ගෙ මේ ආගමික මතවාදය කෙළවර සමූහ බිලි පූජා.මෙවැනි තත්ත්වයක් රට තුළ නිර්මාණය වෙද්දී මේ ආණ්ඩුව තීරණය කරනවා මද්‍රසා නියාමනය කිරීමට පනතක් ගේන්න.මොකක්ද  අද රූපවාහිනි සංස්ථාව තත්වෙ? පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව බොදු බල සේනා සංවිධානයේ හෝ එක ජාතික සංවිධානයක ප්‍රවෘත්තියක් පළ කරලා තිබෙනවා ද? අපි එනවා හෙට අනිද්දා ජාතික රූපවාහිනියට. රටේ ජනතාවගේ බදු මුදලින් නඩත්තු කරන ආයතන වල ප්‍රධාන වගකීම වෙන්න ඕන පුද්ගලික මාධ්‍ය පිළිබඳව අපිට කතාවක් නැහැ රටේ ජාතික මාධ්‍ය සියලු සංවිධානවලට සියලුම දේශපාලන බලවේග වලට  සමාන අවස්ථා දිය යුතුයි. ඒ ඉඩ දෙන්න. හැබැයි අද මොකද වෙලා තියෙන්නෙ ඒ ආයතනවල පරිපාලනය දුර්වල වෙලා තිබෙනවා. දුර්වල වෙච්ච තරම කොතෙක්ද කිව්වොත්, වරදාන හැටියට මාධ්‍ය ගැන කිසිත් නොදන්නා පුද්ගලයන් තුන් දෙනෙක් පත් කරලා තිබෙනවා ප්‍රධාන තනතුරුවලට. මොකටද මේ සහජීවනේ හදන්න. යකෝ බෝම්බ ගැහුවෙ අපිට. මැරුණේ අපේ දරුවෝ. අපේ මිනිස්සු. දැන් ඇමතිවරුන් පැත්තකට වෙලා, නිලධාරීන්ට කියලා  කරවනවා , ඇයි ඡන්ද ටික ලගයිනේ. එනිසා මේ මැතිවරණ කාලයක් එන වෙලාවේ අපි ආණ්ඩුවට කියනවා ඉස්ලාම් අන්තවාදයක් එක්ක හුරතල් වෙන්න එපා කියලා. මේ අණ පනත් ගෙන එක වහාම නවත්තන්න කියලා. එකම ජාතික රූපවාහිනියට අපි කියනවා, මුස්ලිම් දේශපාලකයන්ට මුස්ලිම් පූජකයන්ට ලබාදෙන අවස්ථා ගුවන් විදුලිය රූපවාහිනිය අපටත් ලබාදිය යුතුයි. අන්තර්ජාලය මේක කතා කරන්න දෙන්නෙ නැහැ ෆේස්බුක් ආයතනයෙන් මේක නවත්තලා තියෙනවා. එතකොට කොහොමද රටේ මිනිස්සු මේක දැනගන්නේ. අපි තෙල් ටිකක් ගැහුවත්  ඒකෙන් බදු ආණ්ඩුවට යනවා ඒවගෙන් තමයි මේ ආයතන නඩත්තු වෙන්නෙ. ඒ නිසා අපට ශුද්ධ අයිතියක් තියෙනවා මේ ගැන ඇත්ත රටට කියන්න. අනිවාර්යෙන්ම ජාතික රූපවාහිනියට අපි හෙට එනවා මේ ප්‍රශ්නය විසඳගන්න.

 එතකොට රටේ පූජක අධ්‍යාපනය ගත්තොත් දැන් මේ ඊයේ ගෙනාපු පනත මොකක්ද කියන්නේ  රටේ තිබෙන පිරිවෙන් පනත හැටියට මේක කරනවා කියලා. පිරිවෙන් ටික හරියට නියාමනය කරගන්න බැරි ආණ්ඩුවක් ලංකාවේ පාසල් ටික නියාමනය කර ගන්න බැරි ආණ්ඩුවකට පුළුවන්ද   මද්‍රසා පාසල් නියාමනය කරන්න? මේ ආණ්ඩුවත් එක්කයි කොයි ආණ්ඩුවත් එක්කයි මේ ආණ්ඩුවට විතරක් බැනලා වැඩක් නෑ. පාසල් පෙළපොත් හැදුවා මුස්ලිම් සමාජයම ඇවිල්ල කියනවා 1981 ඉඳලා මරාගෙන මැරෙන මතවාදය  ඉගැන්නුවා කියලා. ඒ වෙනකං අධ්‍යාපන අමාත්‍යාංශය මොනවද කෙරුවේ. දෙයක් උනාට පස්සේ බැනර් පෝස්ටර් දාලා ශෝකය පළ කරන්නද බලාගෙන ඉන්නේ.

මේ සම්බන්ධයෙන් අපි ආණ්ඩුවට යෝජනා කරන්න කැමතියි….

ප්‍රථමික අධ්‍යාපන 

තම ආගමික සාස්තෘවරයාට, වැඩිහිටියන්ට ආචාර නොකරන, කලගුණ නොසලකන ඉගැන්වීම් මූලික කරගත්  පල්ලියෙන් පරිබාහිර ස්ථානවල පවතවාගෙන යන අරාබි මත්තබ් මද්‍රසා නවතා පාරම්පරික පල්ලියේ නොමිලයේ ලබාදුන් අරාබි නිළ ඇඳුම් නොමැති නිදහස් තාලිමුල් දේශීය මද්‍රසා ක්‍රමය නැවත සක්‍රිය කර දේශීය චින්තනයෙන් යුත් රටට,ගහකොළට ආදරය කරණ මුස්ලිම් දරුවන් බිහිකර ගැනීම.

පූජක අධ්‍යාපනය 

  • අන්තවාදීන් අතට පත්ව ඇති පාරම්පරික ප්‍රජාව යටතේ තිබූ පූජක අධ්‍යාපන විදුහල් නැවත පාරම්පරික මුස්ලිම්වරුන් යටතට පත් කළ යුතුය.
  • එනම් පුත්තලම කාසිමියා, මහරගම ගෆුරියා, වැලිගම බාරි, කාත්තන්කුඩි ෆලාහි ඇතුළු රටපුරා ඇති පූජක අධ්‍යාපන විදුහල්
  • එම පූජක විදුහල්වල විෂය පථය  ලෙස පාරම්පරික නිසාමියා විෂය පථය  යලි ස්ථාපිත කර අන්තවාදී විෂය පථ ඉවත්කළ යුතුය.

ඉරිදා දහම් පාසල් අද්‍යාපනය

ඉරිදා දහම් පාසල් අද්‍යාපනය තුල රිංගා ඇති අන්තවාදි ගුරුවරුන්ගේ ඉගෙන් වීම් වහාම නවතා පාරම්පරික ඉගෙන් වීම යලි බලගෙන්විය යුතුය.

පාසැල් අධ්‍යාපනය 

  • මරදාන ප්‍රදේශයේ  පාසලක අද්‍යාපනය ලැබු සහෝදරයන් දේපලක්ද ISIS වලට එකතු වූ අතර එහි එක් තරුණයෙකු සීරියාවේදි ජිවිතක්ෂයට පත් විය. WAMY ආයතනය පැවෙත්වූ නේවාසික කදවුරු වලට පාසැල් අවදියේදීම පාසැල විසින් මොවුන්ව සහාබාගී කරවා ඇත.
  • හැව්ලොක් ප්‍රදේශයේ  පාසලක අද්‍යාපනය ලැබු ළමයෙක් සිරියානු ත්‍රස්තයන් හා එක් වි තිබෙනවා, ඒවාට හේතු වී ඇත්තේ එහි ඉගෙන් වූ බිලාල් පිලිප්ස්ගේ පොත්පත්ය. මෙම ඉගෙන් වීම වල කුරිරු බව නිසා එහි ඉගෙන ගත් සමහර ළමුන් පසු කාලීනව ආගම අතැහැර අනාගමික වී ඇත. 
  • කොළොඹ කනත්ත ප්‍රදේශයේ පාසලක ඉගෙනගත් සහෝදරයන් දේපල පසුගියදා මරාගෙන මැරුනේය. මෙම පාසැලේ ගුරුවරියකුගේ ස්වාමියා පුරුෂයා මරාගෙන  මැරෙන්න පුළුවන් කියා අදහස් පලකරන කර්ලාවී සමග සම්බන්දකම් පවත්වන අයෙකුවේ.
  • වහබ්වාදීන් ආගමික හිස් වැසුම් නොඅපලදින නිසා, සිංහල පාසැල් ළමුන් මුස්ලිම් පාසැල් වල ළමුනට යම් කිසි අනතුරක් කිරිමට ඉඩ අතැයි පවසමින්, මුස්ලිම් දරුවන් පළදින ආගමික හිස් වෙස්ම ගලවා දමන්න සමහර පාසැල් වලට පාස්කු ප්‍රහාරයෙන් පසුව වහබ්වාදී ගුරුවරුන් උපදෙස් දී තිබෙනවා. ඒ තුලින් වහබ්වාදී ගුරුවරු පාසැල් ළමුන්හට සිංහල දරුවන් පිළිබදව  වැරැදි අනාවබෝදයක් ඇති කර සමාජ ගට්ටනයක් ඇති කිරීමට මානබලමින් මුස්ලිම් දරුවන්ව වහබ් වාදයට යොමු කිරීමට උත්සහ දරමින් සිටී.

එම නිසා;

  • රාජ්‍ය සහ පෞද්ගලික පාසැල්වල බාවිතා කරන සියලුම අන්තවාදී ඉස්ලාමිය පෙළපොත් සහ ගුරු අත්පොත් වහාම ඉවත්කළ යුතුය.
  • ඒ වෙනුවට පාරම්පරික ඉස්ලාමිය පෙළපොත් සහ ගුරු අත්පොත් යලිත් එයට ආදේශ කළ යුතුය.
  • තැන් තැන්වල නියාමනයකින් තොරව  ක්‍රියාත්මක වන ජාත්‍යන්තර පාසැල් සඳහා ප්‍රමිතියක් හඳුන්වා දීම සිදු කල යුතුය. එවැනි පාසැල්වල දැනට ඉගෙනගන්නා දරුවන් රජයේ පාසැල්වලට අනුයුක්ත කිරීම. (දෙමටගොඩ සිට වැල්ලම්පිටිය දක්වා 20කට අධික ජාත්‍යන්තර පාසැල් ක්‍රියාත්මක වේ)
  • හිල්මා මුස්ලිම් ජාත්‍යන්තර කාන්තා පාසලේ ඇතුළු සමහරක් කාන්තා පාසැල්වල එම දරුවන්ගේ පියවරුන්ට පාසැල තුලට පිවිසීම තහනම් කර ඇත. මෙම තලෙයිබාන් පන්නයේ ක්‍රියාව වහාම නවතා දැමිය යුතුය.

විශ්වවිද්‍යාල අද්‍යාපනය 

  • විශ්වවිද්‍යාලවල දැනට උගන්වන ඉස්ලාමීය අන්තවාදී ඉගැන්වීම් වහාම නතර කර පාරම්පරිකව මුස්ලිම් ශිෂ්‍යන් හැදෑරු විෂය පථය යලි හඳුන්වා දීම. විශ්වවිද්‍යාල සිසුන් සඳහා නිර්දේශිත අන්තවාදී මත ව්‍යාප්ත කරණ පොත් පත් ඉවත් කර දැමීම.
  • අග්නිදිග විශ්වවිද්‍යාය තුලට අන්තවාදී පිරිස් රිංගා ඇති අතර වහාම මෙම තත්වය පාලනය නොකළහොත් ඉදිරියේදී බුද්ධිමත් ත්‍රස්තවාදීන් බිහිවිය හැක.
  • දැනට ඉදිකර ඇති මඩකලපුව විශ්වවිද්‍යාලය අන්තවාදී මත ප්‍රචාරණය කිරීම සඳහා ආරම්භ කිරීමට ඉඩ නොදී රජයට පවරාගෙන රටේ සමස්ත සිසු පරපුර සඳහා ලබාදිය යුතුය. 

t

o

p