පානදුර උතුර පොලීසියේ ගිනි අවි අතුරුදන්වීමේ පරික්ෂණ සීඅයිඩි යට

July 24, 2019

පානදුර උතුර පොලිස් ස්ථානයේ දී ටී 56 වර්ගයේ ගිනි අවි දෙකක් අතුරුදන් වීම සම්බන්ධයෙන් විමර්ශන වැඩබලන පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත බාර දී තිබේ.

පසුගිය ජූලි මස 6 වන දින පෙරවරුවේ මෙම ගිනි අවි දෙක අතුරුදන්ව තිබුණි බව ද පොලීසිය පවසයි.

කෙසේ වෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් ජූලි මස 15 වන දින පානදුර උතුර ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කෙරුනි. මේ සම්බන්ධයෙන් බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ යටතේ මුලික පරීක්ෂණ සිදුකරනු ලැබීය.

ඒ අනුව මුලිකව අනාවරණය වු කරුණු මත පානදුර උතුර පොලිස් පරීක්ෂණ ප්‍රහාත් පරණවිතාන මහහා මෙලෙස වැඩ තහනමට ලක් විය. එසේම දීර්ග කාලයක් මෙම පොලිසියේ සේවය කළ 11 දෙනෙකුද වෙනත් පොලිසිවලට ස්ථාන මරු කර තිබුනි.

2016 වසරේ අප්‍රේල් මාසයේදි ලග්ගල පොලීසියේ අවි ගබඩාවේ තිබු ගිනි අවි කිිහිපයක් අතුරුදන්වූ අතර පසුව එම ගිනි අවි අසල විහාරස්ථානයක ලිදක් අසල දමා ගොස් තිබියදි හමුවුවද තවමත් එහි සැකකරුවන් අල්ලා නැත. පසුගිය දශක දෙකක කාලය තුල මෙලෙස පොලිස් ස්ථානවල තිබි ගිනි අවි අතුරුදහන් විමේ සිද්ධීන් වාර්තා විය.

t

o

p