නැවතත් යුරෝපා රටවල් කිහිපයකට නිදහස් පැමිණිමේ සංචාරක වීසා

July 24, 2019

සංචාරකයන් වැඩි සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවට ආකර්ෂණය කර ගැනීම අරමුණු කර ගනිමින් අමාත්‍ය මණ්ඩලය විසින් තායිලන්තය, යුරෝපා සංගමය, එක්සත් රාජධානිය, ඇමරිකා එක්සත් ජනපදය, ජපානය, ඕස්ට්‍රේලියාව, දකුණු කොරියාව, කැනඩාව, සිංගප්පූරුව, නවසීලන්තය, මැලේසියාව, ස්විස්ටර්ලන්තය, කාම්බෝජය යන රටවලින් ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් සඳහා නිදහස් පදනම මත “පැමිණීමේදී ලබා දෙන සංචාරක වීසා බලපත්‍ර“ (On Arrival Visas) ලබා දීමේ නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස, අමාත්‍ය මණ්ඩලය විසින් මීට ‌පෙර අනුමැතිය ලබා දී ඇත.

ඒසේ වුවද, පාස්කු ඉරිදා ඇති වූ ත්‍රස්තවාදී ප්‍රහාරය ‌හේතුවෙන් මතු වූ ආරක්ෂක තත්ත්වයන් සැලකිල්ලට ගෙන සංචාරකයන් සඳහා නිදහස් පදනම මත වීසා ලබා දීම හඳුන්වා දීම තාවකාලිකව අත්හිටුවීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.

මේ වන විට රටේ වාතාවරණය යථා තත්ත්වයට පත්ව ඇති බැවින් සංචාරකයින්ගේ පැමිණීම ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ඉහත රටවල් ද ඇතුළුව ඩෙන්මාර්කය, ස්වීඩනය, නෝර්වේ, පින්ලන්තය, අයිස්ලන්තය, පිලිපීනය, රුසියාව, චීනය, ඉන්දියාව හා එංගලන්තය යන රටවල් වෙත නිදහස් පදනම මත “පැමිණීමේ දී ලබා දෙන සංචාරක වීසා බලපත්‍ර“ ලබා දීමේ නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස, සංචාරක සංවර්ධන, වනජීවී සහ ක්‍රිස්තියානි ආගමික් කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

t

o

p